ප්රංශයේ නව ජනාධිපති ලෙස පසුගිය ඉරිදා දිවුරුම් දුන් Emmanuel Macron, තම ප්රථම නිල සංචාරය ලෙස මේ වන විට ජර්මනිය බලා ගොස් තිබේ.
එම සංචාරය අතරතුර Berlin නුවරදී ජර්මානු චාන්සලර් Angela Merkel මුණගැසුණු Macron, යුරෝපා සංගමය ප්රතිසංස්කරණය කරන අයුරු පිළිබඳ සාකච්ඡා කළ බවද වාර්තා වේ.
යුරෝපය නගා සිටුවීම සඳහා එහිදී ප්රංශයේ නව ජනාධිපති Emmanuel Macron යළි ප්රතිඥා දී ඇති බවද වාර්තා වේ.
යුරෝපා සංගමය නැවත නගා සිටුවීම සඳහා Macron ගේ දායකත්වය පිළිබඳ එහිදී ජර්මානු චාන්සලර් Angela Merkel තම ස්තුතිය පළ කර තිබුණි.