ඕස්ට්‍රේලියාවේ පැවති Black Lives Matter විරෝධතා වලට ජනයා රැස් වීමෙන් covid 19 පැතිරීමක් සිදු වුවාද? (SBS සිංහල/ වාර්තා)

protesters

Source: AAP

ජුනි 6 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වල දහස් ගණන් ජනයා එක්වී Black Lives Matter රැලි වලට සහභාගී වූ අතර එය කොරෝනා පැතිරීමට විශාල වශයෙන් බලපෑමක් ඇතිවිය හැකි බවට විවිද මත පල විය.

එහෙත් බොහෝදෙනා පැවසූ පරිදි එමගින් ඔස්ට්‍රේලියාව තුල covid 19 ආසාධන පැතිර යාම සිදු නොවී ඇති බව වාර්තා වේ. මේ වන තෙක් වාර්තා වී ඇත්තේ මෙල්බන් නුවර රැලියට සහභාගී වූ 4 දෙනෙකු ආසාධනය වුවද , ඔවුන් රැලියේදී රෝගය අනෙක් පුද්ගලයන්ට බෝ කිරීමක් කර නොමැති බවයි.

එසේම  ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍යවරයා වන Brendan Murphy පවසා ඇත්තේ රැලි නිසා එවන් තත්වයක් ඇති නොවීම වාසනාවක් වන බවයි.

එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පවසන්නේ මෙල්බන් නුවර ඇති වී ඇති ආසාධන එම රැලි තුලින් පැතිරුණු ඒවා නොවන බව. මෙම රැලි සංවිධානය වීමත් සමග දේශපාලනඥයින් , සෞඛ්‍ය බලධාරීන් ජනතාවට ඒවාට සහභාගී නොවන ලෙස  උපදෙස් ලබා දුන් අතර අග්‍රාමාත්‍ය Scott Morrison ද පැවසුවේ එසේ පුද්ගලයින් රාශියක් එක වර රැස්වීම තර්ජනයක් බවයි.

සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ද පැවසුවේ එක අයෙකු හෝ ආසාධිතව මෙම පුද්ගලයින් අතර සිටිය හොත් එය විශාල ව්‍යසනයකට මග පාදනු ඇති බව.

එසේම මුල්‍ය අමාත්‍ය  Mathias Cormann ද ප්‍රකාශ කලේ මෙම රැලි වලට සහභාගී වන පුද්ගලයින් ආත්මාර්ථකාමී වගකීමෙන් රහිත පිරිසක් බවයි.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


නමුත් එවන් ව්‍යසනයක් නොවීමට හේතු වුයේ කෙසේද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේද කටයුතු කර ඇති මහාචාර්ය Collignon පවසන්නේ මෙයින් පෙනී යන්නේ අප අතර ප්‍රජා වයිරස ව්‍යාප්තිය ඉතා අඩු බවයි. එසේම එළිමහනේ සිටීම ගෘහස්තව සිටීමට වඩා ආරක්‍ෂිත බවද මෙයට හේතු වේ .මෙමගින් එළිමහනේ ආරක්ෂිතව ප්‍රජාවට බොහෝ දේ කල හැකි බව පෙනී යන බවත් , එම විරෝධතාකරුවන් මුව ආවරණ ආදිය භාවිතා කිරීම ඉතා වැදගත් වූ බවත් ඔහු පවසයි. නමුත් ඔහු පවසන්නේ මේ පිළිබද සිදුකල අනතුරු ඇගවීම් වල වැරද්දක් නොමැති බවයි.

නමුත් මහාචාර්යවරයා පවසන්නේ එපමනින්  ජනතාව වයිරසය පරාජය කල බවට නොසිතිය යුතු බවයි. විශේෂයෙන්ම ශීත කාලයේ මෙහි පැතිරීම වැඩි විය හැකි බවයි.

පෞද්ගලික පවිත්‍රතාව රැකගනිමින්, රෝග ලක්ෂණ පෙන්වන විට නිවසේම රැදී සිටීමෙන් ජනතාව ආරක්‍ෂිත විය යුතු බවද ඔහු පවසයි 

Source: SBS News

 


Share
Published 23 June 2020 8:53pm
Updated 24 June 2020 11:41am
By Charitha Adikari

Share this with family and friends