ඔස්ට්‍රේලියාවට ඇතුළු කරගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට දේශපාලකයින් හට ඒත්තු ගන්වන නව රූපවාහිනී ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඇරඹීමට ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Dick Smith සූදනම් වේ.
ඩොලර් මිලියනයක පිරිවැයක් දරන මෙම ව්‍යාපෘතියට අදාළ රූපවාහිනී දැන්වීම් හෙට (15/08) සිට විකාශය කිරීමට අදහස් කරන බවද වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු ජනගහන වර්ධනය අසීමාන්තිකව වර්ධනය වීම නැවත්වීම උදෙසා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ඔහු පවසා තිබේ.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය අසීමාන්තිකව වර්ධනය වීම නැවත්වීමට සහය පළ කරන පක්ෂ වෙත එළඹෙන මැතිවරණයේදී ඩොලර් මිලියන 2ක ආධාර ලබා දීමට ද තමන් සූදානම් බව ව්‍යාපාරික Dick Smith පවසා ඇත.
මීට අමතරව ඉහළ ආදායම් ලබන්නන්ගේ ආදායම් බදු සීමාව තවත් ඉහළ නැංවීමට ද මෙම ව්‍යාපෘතිය සහය පළ කරන බව ඔහු පැවසුවේය.