මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ජූලි 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තවත් ලිහිල් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (07/07) නිවේදනය කළේය.
ඒ අනුව ජූලි 09 වන දින සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේම එකම මට්ටමක කොරෝනා නීති බලාත්මක වනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ලිහිල් වන කොරෝනා නීති
- නිවසින් බැහැරව යන විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුත්තේ පොදු ප්‍රවාහන සේවා වලදී, සුපිරි වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ වැනි පොදු ගෘහස්ත ස්ථාන වලදී පමණි.
- කාර්යාල තුළදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
- දිනකදී නිවසකට පැමිණීමට අවසර ඇති අමුත්තන් සංඛ්‍යාව උපරිම 15 කි (මාස 12 ට අඩු ළදරුවන්ව මෙයට ඇතුළත් නොවේ.)
- පොදු ස්ථාන වල උපරිම වශයෙන් රැස්විය හැකි පුද්ගල ප්‍රමාණය 50 කි.
- විවෘත ක්‍රීඩාංගනවල පුද්ගලයින් 40,000 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
- ගෘහස්ථ ක්‍රීඩාංගනවල පුද්ගලයින් 7,500 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
- කලාගාර සහ සිනමා ශාලාවල පුද්ගලයින් 2,000 ක් දක්වා උපරිම ප්‍රේක්ෂක ධාරිතාවෙන් 75% ක් තෙක් සහභාගී කරවාගත හැකිය.
- එමෙන්ම band room වැනි අසුන් නොගෙන ක්‍රියාත්මක වන විනෝදාස්වාද සපයන ස්ථානවල පුද්ගලයින් 300 ක් දක්වා උපරිම ලෙස සහභගී කරවාගත හැකි නමුත් වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතියට යටත් වේ.
- hospitality ස්ථානවල, ආගමික උත්සවවල, ප්‍රජා ක්‍රීඩා, පිහිණුම් තටාක, ප්‍රජා මධ්‍යස්ථාන, විනෝද උද්‍යාන, සිල්ලර වෙළෙඳසල්, නිවාස වෙන්දේසි සහ රූපලාවන්‍යාගාර වැනි ස්ථානවල ද වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතියට යටත් වේ.
- මුළු සේවකයින්ගෙන් 75% ක ප්‍රමාණයක් කාර්යාලවලට ගෙන්වා ගත හැකිය.
- සේවා ස්ථානයේ මුළු සේවක සංඛ්‍යාව 40 ක් හෝ ඊට අඩු නම් වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ උපරිම සේවකයින් 30 ක් දක්වා ගෙන්වා ගත හැකිය.
- වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ රාත්‍රී සමාජ ශාලා විවෘත කළ හැකි නමුත් නර්තනය සඳහා සහභාගී විය හැක්කේ එක් වෙලාවක උපරිම පුද්ගලයින් 50 කට පමණි.
- විවාහ උත්සව සඳහා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය යටතේ උපරිම 300 කට සහභාගී විය හැකිය.