COVID 19 update 06 July: වික්ටෝරියා ප්‍රාන්තය සිය Pandemic Declaration තවත් දීර්ග කරයි

2022 ජූලි 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Medical staff are seen preparing to transport people from the St Basils Home for the Aged Care in Fawkner which has had an outbreak of COVID-19, Melbourne, Saturday, July 25, 2020.  Aged care facilitates in Melbourne are being affected by the virus in mul

On Monday, Worksafe Victoria charged St Basil's Fawkner facility under the Occupational Health and Safety Act over a 2020 outbreak. (file) Source: (AAP Image/David Crosling

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 23 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 10 ක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක්ද ඊට ඇතුලත්වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේ ආසාදිතයින් 13,755 ක් වාර්තා වූ අතර ඊයේ දිනයේදී එම අගය 10,504 ක් විය. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,822 ක් වන අතර පසුගිය මාස තුන තුළ ප්‍රාන්තයේ වැඩිම COVID-19 රෝහල් ගත කිරීම් සංඛ්‍යාව ලෙසද එය සටහන් වේ.

දකුණු ඔස්ට්‍රේලියාව ද අද දිනයේ නව ආසාදන හා රෝහල්ගතවීම්වල තියුණු වැඩිවීමක් වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
එළඹෙන සිකුරාදා, ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) විසින් Moderna වෙතින් වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා COVID-19 එන්නත් ලබාදීම පිණිස අවසර දීම සඳහා වන අයදුම්පත්‍රය අනුමත කළ හැකිය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනිය Yvette D'Ath ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතියට වැඩිවන පීඩනය ගැන අනතුරු ඇඟවුවාය. COVID-19 සහ ඉන්ෆ්ලුවන්සාව හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් 2,000 කට වැඩි පිරිසක් අසනීප වී සිටින බව ඇය පැවසුවාය.

මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ප්‍රතිවෛරස් COVID-19 ඖෂධ පුළුල් කණ්ඩායම් වෙත ව්‍යාප්ත කරන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ඉල්ලීමට සහාය දක්වා ඇත. මෙම ප්‍රතිවෛරස් ප්‍රතිකාර හෝ ගිලින පෙති මගින් COVID-19 සහිත පුද්ගලයින්ගේ දරුණු රෝගාබාධ, රෝහල්ගත වීම සහ මරණය වළක්වන බව වාර්තා වේ.

Pharmaceutical Benefits Scheme (PBS) මත මෙම ඖෂධ ලබා ගැනීම සඳහා වන සුදුසුකම් ඉතා සීමා සහිත බව ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.

සුදුසුකම් ලබන නිර්ණායක පුළුල් කිරීම සඳහා රජය මේ සතියේ රැස්වන Pharmaceutical Benefits Advisory කමිටුව වෙත දන්වා ඇති බව ඔහු පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තය සිය Pandemic Declaration හෙවත් වසංගත ප්‍රකාශය තවත් මාස තුනකට දීර්ඝ කර ඇත. මෙම ප්‍රකාශනය හරහා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාට වසංගත නියෝග ලබා දීමට ඉඩ දෙයි.

ශ්‍රමිකයින්ගේ එන්නත් තොරතුරු රැස් කිරීමට ප්‍රාන්ත රජය සේවා යෝජකයන්ට අවසර දී ඇත. COVID-19 වලින් තම සේවා ස්ථාන සහ ශ්‍රම බලකාය ආරක්ෂිතව තබා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සේවා යෝජකයින්ට එය උපකාර වන බව ප්‍රාන්ත රජය පැවසීය.

මෙල්බර්න් හි Fawkner ප්‍රදේශයේ පිහිටි St Basil's residential aged care මධ්‍යස්ථානයේ තවත් COVID-19 පැතිරී යාමක් වාර්තා වී තිබේ. එම පැතිරී යාම ජූලි 2 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර aged care නිවැසියන් 14 දෙනෙකු සහ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු  COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.

අද දිනයේදී Worksafe Victoria විසින් එම aged care මධ්‍යස්ථානයට Occupational Health and Safety පනත යටතේ 2020 කොවිඩ් පැතිරී යාමක් සම්බන්ධයෙන් උල්ලංඝනය කිරීම් නවයකට චෝදනා කරන ලද අතර එමඟින් නිවැසියන් 45 දෙනෙකු කොවිඩ් වයිරස් ආශ්‍රිත සංකූලතා වලින් මිය ගියේය.

Share
Published 6 July 2022 3:47pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends