COVID 19 update 04 March: ඔස්ට්‍රේලියාවේ අනුමත නොකල RAT නොගන්නා ලෙස TGA අනතුරු අඟවයි

2022 මාර්තු 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Rapid Antigen Test Kit Distribution centre in Melbourne, Thursday, January 20, 2022. (AAP Image/James Ross)

Rapid Antigen Test Kit Distribution centre in Melbourne, Thursday, January 20, 2022. Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ භාවිතය සඳහා අනුමත කර නොමැති Rapid antigen පරීක්ෂණ කට්ටල මිලදී නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
  • Rapid antigen පරීක්ෂණ කට්ටලවල තිබිය යුතු සම්පුර්ණ දේවල් නොමැතිව නැවත ඇසුරුම් කර හෝ නැවත ලේබල් කර ඇතැම් Rapid antigen පරීක්ෂණ කට්ටල විකිණීම නිසා මෙලෙස අනතුරු අඟවා තිබේ.
  • ඔස්ට්‍රේලියාව තුළ භාවිතය සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Rapid antigen පරීක්ෂණ කට්ටල වර්ග 32 ක් අනුමත කර ඇත. අනුමත නොකළ Rapid antigen පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් තක්සේරු කර නොමැත. එයින් අදහස් වන්නේ ඒවා ඔස්ට්‍රේලියානු නියාමන අවශ්‍යතා සපුරා ඇති ඒවාට සමාන ආරක්ෂාව, සඵලතාවය සහ ගුණාත්මකභාවය පිළිබඳ සහතික සමග නොපැමිණෙන බවය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයට ධනාත්මක බව සනාථ  කරන සහ NSW ගංවතුර හදිසි අවස්ථාවන්හිදී හුදකලා වන ඕනෑම අයෙකු ඉවත් කිරීමට සම්බන්ධ ඕනෑම නියෝගයකට කීකරු විය යුතුය. ගංවතුර ඉවත් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණෙන COVID-19 ධනාත්මක පුද්ගලයින් ඒ පිළිබඳ කාර්ය මණ්ඩලයට දැනුම් දිය යුතුය. ඔවුන් මුව ආවරණයක් පැළඳිය යුතු අතර අන් අයගෙන් භෞතිකව දුරස් විය යුතුය.
  • ක්වීන්ස්ලන්තයේ අද පස්වරු 6:00 සිට සේවා ස්ථාන, පාසල්, සාප්පු, කැෆේ, අවන්හල් සහ pubs ඇතුළු බොහෝ ගෘහස්ථ ස්ථානවල තවදුරටත් මුව ආවරණ  පැළඳීම අවශ්‍ය නොවේ. මෙය කාර්ය මණ්ඩලයට සහ පාරිභෝගිකයින් දෙපිරිසටම අදාළ වේ.
  • පොදු ප්‍රවාහනයේදී, ගුවන් තොටුපළවලට යන විට, ගුවන් යානාවල, සිරගෙවල්වල සහ ආබාධිත මධ්‍යස්ථානවල, රෝහල්වල සහ aged care  මධ්‍යස්ථානවලදී තවමත් මුව ආවරණ පැළඳීම අවශ්‍ය වනු ඇති අතර ඔබට පුද්ගල දුරස්ථභාවය රැකීමට නොහැකි සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළඳීම නිර්දේශ කරනු ලැබේ.
  • මංගල උත්සව, අවමංගල්‍ය උත්සව හෝ නිවෙස්වල සිටින පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැතිව පුද්ගල ඝනත්ව සීමාවන් ඉවත් කෙරෙනු ඇති අතර ඇතැම් ස්ථානවල එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි තවමත් අවශ්‍ය වේ.
  • ජපන් විද්‍යාඥයින්ට අනුව, COVID-19 හි Omicron ප්‍රභේදය seasonal flu හෙවත් සෘතුමය උණ වලට වඩා අවම වශයෙන් 40% ක් මාරාන්තික වන අතර, වසංගත නීති සීමා කිරීම් ඉතා ඉක්මනින් ඉවත් කිරීම හරහා මහජන සෞඛ්‍ය අවදානම වැඩිකරන බවද ඔවුහු පෙන්වා දෙති.
  • COVID සමඟ රෝගාතුර වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි තවත් ජීවිතාරක්ෂක ඖෂධයක් සොයාගෙන ඇති බව එක්සත් රාජධානියේ විශේෂඥයින් පවසයි. රෝහල්ගත කර ඇති දරුණු COVID රෝගීන්ගේ මරණ අවදානම පහෙන් පංගුවකින් පමණ මෙයින් අඩු කළ හැකි බව පරීක්‍ෂණ යෝජනා කරයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 9,466 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,000 ක් රෝහල්ගත කර ඇති අතර 42 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,545 ක් සමග කොවිඩ් මරණ 26 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 245 ක් රෝහල්ගත කර ඇති අතර 28 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,446 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා විය. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 284 ක් රෝහල්ගත කර ඇති අතර 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 937 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 14 ක් රෝහල්ගත කර ඇති අතර සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 794 ක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 35 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා 



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 

 


Share
Published 4 March 2022 2:37pm
Updated 4 March 2022 3:42pm
By Madhura Seneviratne


Share this with family and friends