Highlights
- අදියර තුනකින් යුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown වලින් නිදහස් කිරීමේ සැලසුම එළිදක්වයි.
- කොවිඩ් එන්නත ලබා දීමේ උත්සාහය ඉහළ නැංවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෛද්‍යවරුන්ට සහ ෆාමසි සඳහා මුල්‍ය ප්‍රදාන නිවේදනය කරයි.
- ACT වෙතින් පළමු ඩෙල්ටා කොවිඩ් මරණය වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 787 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 12 ක්ද වාර්තා වේ.
ඊට අමතරව එළිමහන් පිහිණුම් තටාක නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර කොවිඩ් ආරක්ෂක සැලසුම් සමඟ ඉදිකිරීම් ස්ථානවල දැන් පූර්ණ සේවකයින් යොදවා රාජකාරී කළ හැකිය.
මේ අතර ඔක්තෝම්බර් 11 දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කරන බව තහවුරු කළ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian, ප්‍රාන්තයේ ජනගහනයෙන් 70% ක් කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව lockdown කිරීම් වලින් නිදහස් කෙරෙන සැලසුම නිවේදනය කළාය.
කෙසේනමුත්, ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගන්නා තෙක් ප්‍රාදේශීය කලාපවල සංචාරය කිරීමට අවසර නොදෙන බවද ඇය ප්‍රකාශ කළාය.
ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් විට විවාහ සහ අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි පූර්ණ එන්නත් ලබාගත් පිරිසගේ සීමාව ඉවත් කෙරෙන අතර ප්‍රජා ක්‍රීඩාවන් ආරම්භ කළ හැකිය.
එමෙන්ම නිවසකට අමුත්තන් 10 දෙනෙකු ගෙන්වා ගැනීමටද හැකිවේ.
මෙම සැලසුමේ තුන්වන අදියර "COVID Normal" ලෙස හැඳින්වෙන අතර එය දෙසැම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.
ඒ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 90% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 705 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
මේ අතර ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින සහ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතයක් ඇති නගර සභා කලාප එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන ලබා දෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.
Moreland, Brimbank, Cardinia, Casey, Darebin, Greater Dandenong, Hobsons Bay, Melton, Whitlesea, Windsor, සහ Hume යන නගර සභා ඊට ඇතුළත් වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 19 ක් සහ එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
මේ අතර ඔක්තෝබර් 01 සිට ACT හි පුද්ගලයින් දෙදනෙකුට තවත් නිවසකට යාමට අවසර ලැබෙන අතර ව්‍යායාම් සහ විනෝදය සඳහා එළිමහනේ සිටීමට ලබාදී ඇති කාලය පැය 4 ක දක්වා දීර්ග කෙරේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් සහ
- වික්ටෝරියා , සහ
- ACT සහ
- NT සහ
- ක්වීන්ස්ලන්තය සහ
- දකුණු ඔස්ට්‍රේලියාව සහ
- ටස්මේනියා සහ
- බටහිර ඔස්ට්‍රේලියාව සහ
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් කළ යුතුය.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න: