COVID 19 update 07 June: ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 29 ක්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයින් ඉහළට

2022 ජුනි 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

All Australians are being encouraged to vaccinate for influenza

All Australians are being encouraged to vaccinate for influenza Source: Getty Images/Darrian Traynor

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 29 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 12 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 08 ක්ද සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 05 ක්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ දෙකක් ද වාර්තා විය.

පෙර දිනය හා සසඳන විට, ඔස්ට්‍රේලියාව පුරා බොහෝ ප්‍රාන්තවල දිනපතා වාර්තා වන නව COVID-19 රෝගීන් සංඛ්‍යාව සහ රෝහල් ගතවීම් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෑතක වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන 9,181 ගතවූ පැය 24 තුළ වාර්තා විය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,548 සිට 4,288 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
ඉන්ෆ්ලුවෙන්සා සඳහා එන්නත් ලබා ගැනීමට හැකි සියලුම ඔස්ට්‍රේලියානුවන් ඒවා ලබාගන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Sonya Bennett සියල්ලන්ම දිරිමත් කරයි.

ඔස්ට්‍රේලියානු රජය, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන (NIP) හරහා, ඉන්ෆ්ලුවෙන්සා සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් සඳහා නොමිලේ ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් ලබා දෙයි. ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්, කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සහ වයස අවුරුදු 65 ට වැඩි ඕනෑම අයෙකු එම කණ්ඩායමට ඇතුළත් වේ

ඊයේ වන විට, Australian Capital Territory හි  concession කාඩ්පත් හිමියන් සඳහා Access and Sensory Vaccination සායනවලදී flu එන්නත් නොමිලේ ලබා දෙයි.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8ත් සවස 5ත් අතර 02 5124 3999 දුරකථන අංකයට ඇමතීමෙන් concession කාඩ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ දරුවන්ට Weston හි Access and Sensory Vaccination සායනය සඳහා වේලාවක් වෙන්කරවා ගත හැකිය.

2022 ජූනි 8 සිට, වයස අවුරුදු 5 සහ ඊට වැඩි කැන්බරාවාසීන්ට ඖෂධවේදීන්ගෙන් ඔවුන්ගේ flu එන්නත් ලබා ගැනීමට හැකි වේ.

දැනට ඖෂධවේදීන්ට එන්නත් ලබා දිය හැක්කේ වයස අවුරුදු 10 සහ ඊට වැඩි අයට පමණි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය, බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්තවල වයස අවුරුදු 6 ට වැඩි සියලුම පදිංචිකරුවන් ජුනි මාසයේදී නොමිලේ flu එන්නත් සඳහා සුදුසුකම් ලබයි.

Share
Published 7 June 2022 4:42pm
Updated 7 June 2022 4:48pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends