COVID 19 update 30 March: ඔස්ට්‍රේලියාව අනාගතයේ පැමිණිය හැකි නව කොවිඩ් ප්‍රභේද සඳහා සූදානම් වෙයි

2022 මාර්තු 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Treasurer Josh Frydenberg delivers the budget in the House of Representatives at Parliament House on March 29, 2022 in Canberra.

Treasurer Josh Frydenberg delivers the budget in the House of Representatives at Parliament House on 29 March 2022 in Canberra. Source: Getty Images/Martin Ollman/Stringer

Highlights

ඔස්ට්‍රේලියාවේ 2022/23 මුල්‍ය වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (29/03) පස්වරුවේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.

එම අයවැය ලේඛනය පහත COVID-19 ආශ්‍රිත උපකල්පන ගෙනහැර දක්වයි:

    • කොවිඩ් වයිරසය ප්‍රජාව අතර සම්ප්‍රේෂණය නොකඩවා සිදුවනු ඇත.
    • ශීත ඍතුවේ දී නව Omicron රැල්ලක් ඇති වීමට ඉඩ ඇත.එය සේවකයින් අසනීපවී සේවයට නොපැමිණීම සහ භාණ්ඩ සැපයුම් දාම මත පීඩනය වැඩි වීමට හේතු විය හැකිය.
    • ඔස්ට්‍රේලියාව ශීත ඍතුවෙන් ඔබ්බට කඩින් කඩ Omicron හෝ නව COVID-19 ප්‍රභේදවල සම්ප්‍රේෂණයන්ට මුහුණ දෙනු ඇත.
    • අනාගත COVID-19 පැතිරීම්වලට ප්‍රතිචාර වශයෙන් පුද්ගල දුරස්ථභාවය සහ පුද්ගල ඝනත්ව සීමා කිරීම් ඇතුළු මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් ඉලක්කගත ආකාරයකින් නැවත බලාත්මක කළ හැකිය.
    • ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා සංක්‍රමණිකයන්ට සහ සම්පූර්ණයෙන්ම එන්නත් කළ සංචාරකයින්ට විවෘතව පවතිනු ඇත.
  • COVID-19 හි නව ප්‍රභේද හෝ එන්නත්-ප්‍රතිරෝධී ප්‍රභේදවල මතුවීම තවමත් දේශීය ආර්ථිකයට සැලකිය යුතු අවාසි සහගත අවදානමක් බව මධ්‍යම රජය සඳහන් කළේය.
  • නමුත් ඉහළ එන්නත් අනුපාත, වඩා හොඳ වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිය වැඩි කිරීම පාරිභෝගික විශ්වාසය ඉහළ නැංවිය හැකි අතර ගෘහස්ථ ඉතුරුම් අනුපාතය කොවිඩ් වසංගතයට පෙර මට්ටමට නැවත පැමිණීම දැකීමට රජය බලාපොරොත්තු වේ.
  • භාණ්ඩාගාරික අමාත්‍ය Frydenberg කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ අනාගත COVID-19 ප්‍රභේද සමඟ කටයුතු කිරීමට 2022–23 සිට 2025–26 දක්වා වසර හතරක් තුළ ඩොලර් බිලියන 4.2 ක සම්පූර්ණ ආයෝජනයක් නිවේදනය කළේය.
  • එම ඩොලර් බිලියන 4.2 ක ආයෝජනයෙන් ඩොලර් මිලියන 900 ක් මේ වසර අවසානය දක්වා සුදුසුකම් ලත් ජනගහනය සඳහා ආරක්ෂිත සහ ඵලදායී COVID-19 එන්නත් ලබා දීම සඳහා වැය කෙරේ.
  • මෙම නව ආයෝජනය මගින් COVID-19 එන්නත් සඳහා වන මුළු වියදම සහ වසංගතය ආරම්භයේ සිට එන්නත් නිකුත් කිරීමේ වියදම ඩොලර් බිලියන 17 ඉක්මවා තිබේ.
  • වයස අවුරුදු 16 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් මිලියන 19.5කට වැඩි (95%ක් පමණ) දැන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 12.7කට වඩා පිරිසක් බූස්ටර් මාත්‍රාව ද ලබාගෙන ඇත.
  • COVID-19 වෙතින් වැඩිහිටියන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම රජය ඩොලර් මිලියන 458.2ක් ආයෝජනය කරනු ඇත. මෙම අරමුදල් residential aged care මධ්‍යස්ථානවල සහ ඔවුන්ගේම නිවෙස්වල රැකවරණය ලබන්නන් 260,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට ඉඩ සලසයි.
  • නිවැසියන්ට rapid antigen පරීක්ෂණ (RATs) සඳහා සාධාරණ ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම පිණිස භාණ්ඩාගාරික අමාත්‍යවරයා 2021-22 සිට 2022-23 දක්වා ඩොලර් බිලියන 1.6 ක් ප්‍රකාශ කළේය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 25,235
  • කොවිඩ් මරණ - 15
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,301
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 46
වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 11,749
  • කොවිඩ් මරණ - 07
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 280
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 18
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,626
  • කොවිඩ් මරණ - 05
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 393
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 15
ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,472
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 22
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 02
ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1,139
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 48
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 05
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 9,754
  • කොවිඩ් මරණ - 03
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 208
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 06


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා 


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 


Share
Published 30 March 2022 2:36pm
By Madhura Seneviratne


Share this with family and friends