Highlights
- දෙසැම්බර් 1 වැනිදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද සුදුසුකම් ලත් වීසා හිමියන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
- එලෙස සුදුසුකම් ලත් වීසා බලපත්‍රලාභීන් අතරට පුහුණු ශ්‍රමිකයන් සහ ජාත්‍යන්තර සිසුන්, temporary working holidaymakers මෙන්ම humanitarian සහ provisional වීසාලාභී සරණාගතයින් ඇතුළත් වේ. ඔවුන් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතු අතර එය සහතික කරන වලංගු එන්නත් සහතිකයක් පෙන්විය යුතුය. ඊට අමතරව තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවටද සනාථ කළ යුතුය.
- දෙසැම්බර් 1 සිට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජපාන සහ දකුණු කොරියා පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,029 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 180 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ
- මේ අතර ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වන අතර Katherine කලාපයේ lockdown කිරීම නොවැම්බර් 24 පස්වරු 6 තෙක් දීර්ග කර තිබේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ
සංචාරය කිරීම සම්බන්ධයෙන්
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : , , , , , , .
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න: