COVID 19 update 21 June: ඔස්ට්‍රේලියාව අවුරුදු පහට අඩු ළමුන් සඳහා කොවිඩ් එන්නත් දීම සලකා බලයි

2022 ජුනි 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australia is reviewing a proposal for allowing COVID-19 vaccines for children under five. The US has approved vaccines for child from six months to five years.

The Centres for Disease Control and Prevention in the US has recently approved COVID-19 vaccines for children aged five and under. Source: AAP/AP Photo/Sean Rayford/FR171415 AP

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 53 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 28 ක්ද  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක්ද ඊට ඇතුලත්වේ.

එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල රෝහල් ගත කළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 1,499 ක් සහ 491 ක් වන අතර පසුගිය සති හතර තුළ ඔවුන්ගේ වැඩිම රෝහල් ගතවීම් සංඛ්‍යාව ලෙසද සටහන් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
Moderna මෙම වසර අගදී උණ සහ COVID-19 සඳහා ඒකාබද්ධ එන්නතක් අත්හදා බැලීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

මෙම තනි එන්නත වික්ටෝරියානු ප්‍රාන්තයේ නිෂ්පාදනය කළ හැකි අතර ඔස්ට්‍රේලියානුවන්ට 2024 වන විට එය ලබා ගත හැක.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ සතියේ ඉඳිකටු රහිත නව COVID-19 එන්නත් බූස්ටරයක් ​​සඳහා මිනිස් අත්හදා බැලීම් ආරම්භ කරයි. DNA මත පදනම් වූ මෙම එන්නත Omicron ප්‍රභේදය ඉලක්ක කිරීමට සැලසුම් කර ඇත. ස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අනුමත කර ඇති වත්මන් එන්නත් වයිරසයේ මුල් ප්‍රභේදය ඉලක්ක කරයි.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) වයස අවුරුදු පහ සහ ඊට අඩු ළමුන් සඳහා COVID-19 එන්නත් භාවිතා කිරීමට ඉඩ දීම සඳහා Moderna වෙතින් යෝජනාවක් සමාලෝචනය කරයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට  සති කිහිපයක් ගත විය හැකිය.

ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් මෑතකදී වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා COVID-19 එන්නත් අනුමත කර ඇත.

ශීත සෘතුවෙන් පසු ඔස්ට්‍රේලියාවේ COVID-19 අර්බුදය මෙහෙයවීම සම්බන්ධයෙන් කම්කරු රජය රාජකීය කොමිසමක් හෝ වෙනත් පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

Share
Published 21 June 2022 1:59pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends