COVID 19 update 28 April: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 44 ක්

2022 අප්‍රේල් 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Tasmania has become the final Australian state to drop close contact rules.

Tasmania has become the final Australian state to drop close contact rules. (file) Source: Leisa Tyler/LightRocket via Getty Images

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 19 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 10 ක්ද ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඊට පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ගෝලීය වශයෙන් නව COVID-19 රෝගීන් සහ මරණ අඛණ්ඩව අඩුවෙමින් පවතින බැවින් කොවිඩ් පිළිබඳ නිරීක්ෂණ පවත්වා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලින් ඉල්ලා තිබේ.

පසුගිය සතියේ COVID-19 මරණ 15,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර එය 2020 මාර්තු මාසයෙන් පසු අඩුම සතිපතා මරණ සංඛ්‍යාව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus පැවසීය.
එම ප්‍රවණතාව පිළිබඳ වෛද්‍ය Tedros Adhanom Ghebreyesus සිය ප්‍රශංසාව පළ කළේය. නමුත් ලෝකයේ රටවල් කොවිඩ් පරීක්ෂණ අඩු කර ඇති බවත්, කොවිඩ් සම්ප්‍රේෂණය සහ ආසාදන පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට අඩු තොරතුරු ලැබෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය

"රටවල් එය පිළිබඳ සෙවීම නැවැත්වූ පමණින් මෙම වයිරසය පහව නොයනු ඇති. භයානක නව ප්‍රභේදයක තර්ජනය ඉතා සැබෑව පවතී. මාරාන්තික වයිරස් සම්බන්ධයෙන් නොදැනුවත්කම සතුටක් නොවේ," යනුවෙන් ද ඔහු පැවසීය.

මේ අතර ෆෙඩරල් විපක්ෂ නායක Anthony Albanese ඉරිදා පර්ත් හිදී කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය බ්‍රහස්පතින්දා Anthony Albanese ධනාත්මක COVID-19 ප්‍රතිඵලයක් ලැබීමෙන් පසු නිවසේ හුදකලාව සිටී.

කොවිඩ් ආසදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අවසාන ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය වාර්තා වේ.

  • මැයි 2 දා සඳුදා පෙ.ව. 12:01 සිට, වෙනත් මහජන සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කරන්නේ නම්, කොවිඩ් රෝග ලක්ෂණ නොමැති ටස්මේනියානුවන් දින හතක් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.
  • ඔවුන් දිනපතා rapid antigen පරීක්ෂණයකට භාජනය විය යුතුය, නිවසින් පිටත මුව ආවරණයක් පැළඳිය යුතුය, ඔවුන්ගේ  තත්ත්වය ඔවුන්ගේ සේවා ස්ථානයට දැනුම් දිය යුතුය, එමෙන්ම aged care පහසුකම් සහ රෝහල් වැනි ඉහළ අවදානම් සහිත පරිශ්‍රවලට යාමෙන් වැළකී සිටිය යුතුය.
  • Hospitality ස්ථානවලට යාමේදී පාරිභෝගිකයින් තව දුරටත්  check-in වීම අනවශ්‍ය වේ.
  • කොවිඩ් ආසදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හට පනවා ඇති සීමාවන් අහෝසි කිරීම අප්‍රේල් 30 වනදා සෙනසුරාදා අලුයම 12:01 සිට ආරම්භ කෙරේ.

COVID-19 එන්නත් තොරතුරු ශාඛා දැන් පහත සාප්පු සංකීර්ණ මධ්‍යස්ථානවල සහ උත්සවවල මැයි 1 දක්වා විවෘත වේ.

  • NSW – Ashfield – Westfield Burwood
  • NSW – Fairfield – Cabramatta Plaza     
  • VIC – Keilor – Craigieburn Plaza
  • VIC – Mill Park – Westfield Plenty Valley
  • QLD – Park Ridge – Park Ridge Town Centre
  • QLD – Ipswich – Springfield Fair
  • QLD – Super Rugby, Suncorp Stadium Saturday 29 April
  • SA – Adelaide – Playford
  • WA – Wanneroo Raceway, අප්‍රේල්  30 සෙනසුරාදා සිට මැයි 1 ඉරිදා දක්වා


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 


Share
Published 28 April 2022 2:12pm
By Madhura Seneviratne


Share this with family and friends