කොවිඩ් හා සම්බන්ධ විවිධ වංචාවන් හඳුනාගැනීම සහ ඒවායින් ආරක්ෂා වීම පිළිබඳව SBS සිංහල වෙතින්

COVID-19 වසංගතය අතරතුරදී, මිනිසුන් ඒ සම්බන්ධයෙන් දක්වන බියෙන් විවිධ වංචාකරුවන් ප්‍රයෝජනයක් කරගනිමින් සිටී. පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම, Online මිලදී ගැනීම් සහ Superannuation සම්බන්ධයෙන් මෙම වංචාවන් බහුලව සිදු වේ.

keyboard hand

Source: Getty Images/Bill Hinton

Highlights
  • එන්නත් සම්බන්ධයෙන් වන වංචා, රජයේ ආයතනයක් වශයෙන් පෙනී සිට සිදු කල වංචා, Superannuation සම්බන්ධයෙන් වූ වංචා, Online මිලදී ගැනීම් සම්බන්ධයෙන් වූ වංචා සහ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ වංචා පිළිබඳව Scamwatch එන්නත් දැනුවත් වේ.
  • වංචාවට ගොදුරු වූවන්, මූල්‍ය අලාභයක් හෝ අනන්‍යතා වංචාවක් සඳහා දැඩි අවදානමක් පවතී.
  • විවිධ වෛරස මගින් ඔබේ පරිඝනකය ආරක්ෂා කිරීම සඳහා ක්‍රම කිහිපයක් පවතී.
COVID-19 වසංගතය අතරතුරදී, ඒ සම්බන්ධයෙන් සිදු වූ විවිධ වංචාවන් 6,415 කට වඩා වැඩි සංක්‍යාවක්  වෙත වාර්තා වී තිබේ.

වෛද්‍ය Steve Hambleton,  හි ප්‍රධාන සායනික උපදේශක වශයෙන් කටයුතු කරයි.

ඕස්ට්‍රේලියාව තුල COVID-19 එන්නත් සම්බන්ධයෙන් පුලුල් පරාසයක වංචාවන් සිදුවන බව පෙන්වා දෙමින් ඔහු පවසන්නේ ව්‍යාජ එන්නත් සහතික විකුණන මුවාවෙන් ඔවුන් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම සිදු කරන බවයි.

ඇතැම් විටකදී, එන්නතක් ඔබ වෙත එවීම සඳහා ඔබෙන් මුදල් ඉල්ලීමක් සිදු විය හැකි අතර පොරොත්තු ලේඛනයේ නම තැබීමේ මුවාවෙන් ඔබේ පෞද්ගලික තොරතුරු ඉල්ලීමට හැක. නමුත් එවැනි අවස්ථාවකදී මුදල් දීම හෝ තොරතුරු ලබාදීම මගහැරීම ඉතා වැදගත් බව වෛද්‍ය Steve පෙන්වා දෙයි.

Image

ව්‍යාජ එන්නත් සහතික සම්බන්ධයෙන් වන වංචා

Online මාර්ගයෙන් ව්‍යාජ එන්නත් සහතික සැකසිය හැකි බවට කියන වෙබ් අඩවි පවතින වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස Digital Health Agency ය පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි.

වෛද්‍ය Steve පෙන්වා දෙන්නේ, ව්‍යාජ එන්නත් සහතිකයක් සොයන පිරිස, ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර ඇතුලුව පුද්ගලික තොරතුරු, සයිබර් අපරාධකරුවන්ට ලබා දීම ඔස්සේ අනන්‍යතා සොරකම් කිරීමේ අවදානමට ලක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එමෙන්ම ඔබේ පෞද්ගලික තොරතුරු මෙන්ම සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම මගින් ඔබව පමණක් නොව ඔබේ පවුලේ සාමාජිකයින්ද අවදානමකට ලක් කිරීම සිදු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. වෛද්‍ය Steve පවසන්නේ මෙම පුද්ගලික සෞඛ්‍ය තොරතුරු black-market web forums තුල ඉතා වටිනා දෙයක් වශයෙන් සලකන අතර යමෙකුට මෙම තොරතුරු පාලනය කිරීම අහිමි වූ විට, එය නැවත ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර වන බවයි.

රජයේ ආයතනයක් වශයෙන් පෙනී සිට සිදු කරන වංචා

වංචාකරුවන්, රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් COVID-19 පිළිබඳ කෙටි පණිවිඩ සහ ඊමේල් හරහා මිනිසුන්ගේ තොරතුරු සොරකම් කිරීම සිදු කරයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

වෛද්‍ය Steve පවසන්නේ, යමෙකුගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරකම් කිරීම සඳහා නිර්මාණය කර ඇති අසත්‍ය සබැඳි (links) සහ ඇමුණුම් (attachments) මේවායේ අඩංගු වන බවයි. උදාහරණ වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ, COVID-19 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කෙටි පණිවිඩ ‘myGov’ වෙතින් පැමිණෙන බවට ඔවුන් පෙන්නුම් කලද, එම කෙටි පණිවුඩය තුල ඔබේ තොරතුරු සොරාගත හැකි අසත්‍ය සබැඳි (links) ඇතුලත් විය හැකි බවයි.

මේ හේතුවෙන් ඔහු අවධාරණය කොට සිටින්නේ MyGov ඔබව සම්බන්ධ කර ගන්නා ආකාරය එය නොවීම මත, එම සබැඳිය ක්ලික් නොකොට සෘජුවම වෙබ් අඩවියට පිවිසෙන ලෙසයි.
hooded person
Source: Getty Images/boonchai wedmakawand

"Phishing" හෙවත් ඔබේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම ඔස්සේ ඔබේ අනන්‍යතාවය හෝ මුදල් සොරකම් කිරීම

වංචාකරුවන් ඔබට අමතා හෝ සමාජ මාධ්‍ය, විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවුඩ හරහා ඔබව සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතී. මේ හේතුවෙන් අනවශ්‍ය විද්‍යුත් තැපෑලක හෝ කෙටි පණිවිඩයක අඩංගු සබැඳියක් (link) ක්ලික් කිරීමට පෙර දෙවරක් සිතීම වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය Steve පෙන්වා දෙන්නේ මේ දිනවල, යම්කිසි පාර්සලයක් ලබාදීමට තිබෙන බවට සඳහන් කරමින් එය නිසි ලිපිනයට ලබාදීමට නොහැකිව පවතින බවට කෙටි පණිවුඩ පැමිණෙන බවයි. ඒ තුල 'කරුණාකර මෙම සබැඳිය ක්ලික් කරන්න' (‘please click on this link’) වශයෙන් පවතින අතර, ඔබ යම්කිසි පාර්සලයක් බලාපොරොත්තුවෙන් නොසිටී නම් එය ක්ලික් කිරීම සිදු නොකරන ලෙස වෛද්‍ය Steve පවසයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ Online මිලදී ගැනීම් සිදු කරන විට තමන් කලින් සිදු කල මිලදී ගැනීම් පවතී නම් ඒ හරහා එම වෙබ් අඩවියට යොමු වන ලෙසයි. Amazon වැනි විශාල සංවිධානවල ලාංඡන (logo) භාවිත කරමින් ඔබෙන් තොරතුරු අසන ව්‍යාජ Online සාප්පු පවත්වාගෙන යන්නන් සිටීම මීට ප්‍රධාන හේතුව වශයෙන් වෛද්‍ය Steve පෙන්වා දෙයි.

විවිධ වෛරස මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා වන සබැඳි (links)

ආචාර්ය සුරංග සෙනෙවිරත්න සිඩ්නි විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පාසලේ ආරක්ෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරයි.

ඔහු පවසන්නේ, යම් පුද්ගලයකු මෙම සබැඳි වලින් එකක් ක්ලික් කළහොත්, පුද්ගලයෙකුගේ තොරතුරු සොරකම් කරන ව්‍යාජ මෘදුකාංග ස්ථාපනය කළ හැකි බවයි.

ඔවුන්ට සබැඳියක් සෑදිය හැකි අතර එම සබැඳිය තුල ව්‍යාජ මෘදුකාංග අඩංගු වේ. එබැවින් ඔබ එම සබැඳිය ක්ලික් කළ පසු, ව්‍යාජ මෘදුකාංගය ඔබේ පරිගණකයට පැමිණ ස්ථාපනය වන බව ඔහු පෙන්වා දෙයි.

මෙම මෘදුකාංගයට ඔබ ටයිප් කරන ඕනෑම කේතයක් පටිගත කළ හැකි අතර ඔබේ තොරතුරු රැගෙන ඒවා අනවශ්‍ය පුද්ගලයින් අතට ලබාදීම සිදු වේ.
working from home
Source: Pexels/Anna Shvets

අනන්‍යතාවය සොරකම් කිරීම සහ "Dark web"

Shanton Chang මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පරිගණක හා තොරතුරු පද්ධති පාසලේ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරයි.

ඔහු පවසන්නේ වංචාකරුවන් සාමාන්‍යයෙන් මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු පසුපස හඹා යන අතර ඔවුන් සතුව ඔබේ නම, ලිපිනය, උපන් දිනය සහ ඇතැම්විට ඔබේ දුරකථන අංකය තිබේ නම්, ඔවුන්ට ඔබේ මූල්‍ය ආයතනයට ගොස් ඔබ ලෙස පෙනී සිටිය හැකි බවයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ යමෙකුගේ පෞද්ගලික තොරතුරු Dark web වෙත විකිණිය හැකි අතර එය අනන්‍යතා සොරකමකට හේතු විය හැකි බවයි.

යමෙකුගේ පෞද්ගලික තොරතුරු වැරදි අයකුගේ අතට ගොස් ඇත්නම්, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මාස ගණනාවක් ඔවුන්ට විවිධ දේ සඳහා භාවිතා කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. උදාහරණ වශයෙන් ඔහු පවසන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු මගින් නව ක්‍රෙඩිට් කාඩ්පත් නිර්මාණය කර මිලදී ගැනීම් සිදු කල හැකි බවයි.

නිවසේ සිට රාජකාරි කිරීමේදී මේ සඳහා පවතින අවදානම

සිඩ්නි හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ ආචාර්ය Priyadarsi Nanda පවසන්නේ නිවසේ සිට රාජකාරි කිරීම ඔස්සේ මිනිසුන් සෑම විටම කාර්යාලයේ රාජකාරී කරන කාලයට වඩා වංචාවන්ට ගොදුරු වන බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

නිවසේ සිට රාජකාරි සිදු කිරීමේදී අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී අවශ්‍ය ආරක්ෂණ පියවර ගැනීම නිසි ලෙස සිදු නොවන අතර ආයතන තුල මෙම ආරක්ෂණ පියවර පවතින බව ඔහු පෙන්වා දෙයි.

ව්‍යාජ මෘදුකාංග වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගැනීම

ව්‍යාජ මෘදුකාංග වලින් කෙනෙකුගේ පරිගණකය ආරක්ෂා කිරීමට ක්‍රම කිහිපයක් තිබේ.

ආචාර්ය Priyadarsi පවසන්නේ, කලින් කලට antivirus, anti-malware මෘදුකාංග ක්‍රියා කරවිය යුතු අතර ඒ මගින් ඔබේ පරිඝනකයේ ලිපිගොනු පරීක්ෂා කිරීම සිදු කල යුතු බවයි.

යම් හෙයකින් තමන් අසත්‍ය සබැඳියක් ක්ලික් කොට ඇති බවට සිතන්නේ නම් තම පරිඝනකය තාක්ෂණික විශේෂඥයෙකු වෙත ගෙන යා හැක. එමෙන්ම මේ අතර Microsoft, Apple වැනි Software මගින් කලින් කලට "patches" එවීම සිදු කරන අතර ඒවා Install කොට පරිඝනකය Restart කිරීම සිදු කරන ලෙසත් ආචාර්ය Priyadarsi පවසයි.

වංචාවන් පිලිබඳව වාර්තා කිරීම

වෛද්‍ය Steve පෙන්වා දෙන්නේ මෙම වංචා මගින් සිදු වූ මුදල් අහිමිවීම හේතුවෙන් ඔවුන් ලජ්ජාවට පත් වන අතර එය වාර්තා කිරීම සිදු නොකරන බවයි. නමුත් වංචාවට ලක් වූ පුද්ගලයින් එය බලධාරීන්ට වාර්තා කිරීම වැදගත් වන බව ඔහු පවසයි.

Scamwatch වෙබ් අඩවියේ පිරවීමෙන්, වංචාවන් සම්බන්ධයෙන් ACCC ය වෙත වාර්තා කළ හැක.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 13 March 2022 9:33pm
Updated 12 August 2022 2:55pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends