දිනෙන් දින ඉහළ යන දෛනික වියදම් හේතුවෙන් විශ්‍රාම යාමේදී අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ superannuation ක්ෂේත්රයට සම්බන්ධිත ප්‍රධාන සංවිධානය වන The Association of Superannuation Funds of Australia පෙන්වා දෙයි.
ඒ අනුව තමන්ගේ Superannuation ගිණුමට වැඩිපුර මුදල් බැර කරන මෙන් එම සංවිධානය සියලු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
2006 වසරට අනුව ඔස්ට්‍රේලියානුවෙකු විශ්‍රාම ගිය කළ සුව පහසු දිවියක් ගත කිරීමට වසරකට ඩොලර් 35,000 ක මුදලක් ප්‍රමාණවත් වූ බව එම සංවිධානය පෙන්වා දෙයි.
නමුත් වර්තමානය වන විට බිල්පත් ගෙවීම්, ආහාර සහ සෞඛ්‍යය වියදම ඉහළ යාම හේතුවෙන් එම අගය ඩොලර් 58,000 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් අනාවරණය කරයි.