මේ දිනවල ලොව වටා සිදු වන ත්රස්තවාදී වාහන ප්රහාර නැවැත්වීමේ අරමුණින් සිඩ්නි නුවර Martin Place හි තාවකාලික කොන්ක්රීට් බාධක ඊයේ (23/06) ඉදි කළේය.
එංගලන්තයේ සහ ප්රංශයේ දී අධික වේගයෙන් ධාවනය කළ වාහන මහජනතාව වෙත එක වරම යොමු කිරීමෙන් පසුගිය දිනවල ජීවිත හා දේපළ හානි රාශියක් සිදු විය.
සිඩ්නි නුවර Phillip සහ Elizabeth වීදි අතර Martin Place හිදී මෙම කොන්ක්රීට් බාධක ඉදිකර ඇති අතර ජාතික ආරක්ෂාව උදෙසා නිව් සවුත් වේල්ස් පොලීසියේ උපදෙස් මත මෙය සිදු කළ බව සිඩ්නි නගර සභාව ප්රකාශ කරයි.