චීන රජය අද සිට (11/12) ඔස්ට්‍රේලියානු වයින් සඳහා තවත් අමතර තීරුබදු පැනවීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින්ට මධ්‍යම රජය විසින් සහනාධාර ලබා දෙන බව විමර්ශනය කරන අතරේ ඔස්ට්‍රේලියානු වයින් සඳහා 6.3% ක හෝ 6.4% ක හෝ බදු අය කරන බව චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
චීනයට ආනයනය කරන ඔස්ට්‍රේලියානු වයින් සඳහා 212% ක් දක්වා තීරු බදු පැනවීමට චීනය විසින් පසුගිය මාසයේදී ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සටහන් වේ.
මෙම තීරු බදු ඉහළ නැංවීම් අවම වශයෙන් ලබන වසරේ අගෝස්තු මාසය දක්වා බල පැවැත්වෙන බව ද වාර්තා වේ.