චීනය විසින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මස් සැකසුම් මධ්‍යස්ථානයකින් මස් ආනයනය කිරීම අත්හිටුවා තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කූබුල්චා ප්‍රදේශයේ පිහිටි Meramist මස් සැකසුම් මධ්‍යස්ථානයෙන් හරක් මස් ආනයනය කිරීම චීනය නවතා ඇති බවත් ඒ සඳහා පැහැදිලි හේතුවක් දක්වා නොමැති බවත් වාර්තා වේ.
චීන - ඔස්ට්‍රේලියානු දේශපාලන ගැටුම් හමුවේ පසුගිය මාසයේ පටන් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන වයින්, බාර්ලි, කපු, මුහුදු ආහාර, සීනි සහ දැව චීනය විසින් මිලදී ගැනීම නවත්වා තිබේ.