ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කාර්ය බහුල මාර්ග වල තද බදය අවම කිරීම සඳහා නව ගාස්තුවක් අය කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලයක් වන Grattan ආයතනය යෝජනා කර තිබේ.
ඊට අමතරව මාර්ග වල තදබදය ඉහළ වේලාවන් මග හරින රියදුරන් හට දිරිගැන්වීමේ දීමනාවක්ද ලබා දිය යුතු බව ඔවින් ප්‍රකාශ කර ඇත.
සිඩ්නි හා මෙල්බන් නගර වල නගර මධ්‍යයේ සේවය කරනුයේ 14% ක පිරිසක් බවද Grattan ආයතනය පවසයි.
මෙම යෝජිත අය කිරීම බද්දක් නොවන බව Grattan ආයතනයේ ගමනාගමන අධ්යක්ෂ Marion Terrill, ABC පුවත් වෙත පැවසුවාය.