ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ නිල උත්සව ඔස්ට්‍රේලියා දිනයේම සිදුකරන ලෙසට ඔස්ට්‍රේලියානු රජය බල කරයි.

Group of people waving Australian flags

Indians emerge as the second largest recipients of permanent residency grants in 2020-2021. Source: Getty Images

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ නිල උත්සව ජනවාරි 26 වන දිනට යෙදෙන ඔස්ට්‍රේලියා දිනය දාම සිදුකරන ලෙස මධ්‍යම රජය විසින් සිදු කරන බල කිරීම විහිළු සහගත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය  සහ නගර සභා නියෝජනය කරන කණ්ඩායම් පවසයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ පිළිබඳ නීති සංග්‍රහයන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සංශෝධනය කරමින් පසුවන අතර සෑම නගර සභාවක්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ නිල උත්සව ජනවාරි 26 වන දින පැවැත්විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බල කරමින් සිටියි.

නව නීති යටතේ ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාදේශීය සහ නගර සභා විසින් පුරවැසිභාවය පිරි නැමීමේ දෙවැනි නිල උත්සවය සැප්තැම්බර් 17 වන දින පැවැත්විය යුතුය.

මේ අතර මෙම උත්සව සඳහා සහභාගී වීමේදී ඇඳුම් පැළඳුම් පිළිබඳ නව නීතිද හඳුන්වා දී ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, පුරවැසිභාවය පිරි නැමීමේ උත්සව, ඔස්ට්‍රේලියා දිනයට ඈඳා ගැනීම තේරුම්ගත නොහැකි ක්‍රියාවක් බව  ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය සහ නගර සභා සංවිධානයේ සභාපති David O'Loughlin පැවසීය.

නමුත් ලින්ගරී මැතිවරණ බල ප්‍රදේශයේ ලිබරල් පක්ෂ අපේක්ෂිකා Jacinta Price මධ්‍යම රජයේ මෙම සංශෝධන සඳහා තම සහය පළ කර සිටියි.

කෙසේවෙතත්, මෙම නව නීති 2020 වන තෙක් බලාත්මක නොකෙරෙන බවද සඳහන්.


Share
Published 14 January 2019 12:07pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends