ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව සහ නිකාබ් ඇඳුම ඇඳීම තහනම් කිරීමට ඔස්ට්‍රියා රජය තීරණය කර තිබේ.
ඒ අනුව මින්පසු ඔස්ට්‍රියාවේ සිටින කිසිදු කාන්තාවකට නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථාන වල සිටීම තහනම් වේ.
තම රටේ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියානු රජය පවසා ඇත.
මෙම නීතිය කඩ කරන්නන් හට යූරෝ 150 ක් දක්වා දඩ පැනවීමටද කටයුතු යොදා තිබේ.
ප්‍රංශය සහ බෙල්ජියම ද 2011 දී බුර්කාව ඇඳීම තහනම් කරන ලද අතර නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කාව තහනම් කිරීම සඳහා නීති සැකසීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.