Bitcoin වැනි cryptocurrency බාවිතා කරන්නන් පිලිබද ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශයේ අවධානය ..SBS සිංහල /වාර්තා )

bitcoin

Source: ABC Australia

Cryptocurrency භාවිත කරන ඕස්ට්‍රේලියානුවන්ට ලගදීම ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශයෙන් (ATO) දුරකථන ඇමතුමක් ලැබීමට ඉඩ තිබේ.
සාමාන්‍යයෙන් ATO ආයතනය මුදල් ගනුදෙනු මිලියන 600ක පමණ දත්ත ලබා ගන්න අතර දැන් ඔවුන් cryptocurrency ගනුදෙනු සිදු කරන ආයතන මගින් සිදුවෙන ගනුදෙනු දත්ත පිලිබද අවධානය යොමු කොට තිබේ

මේවා භාවිත කරන පුද්ගලයන් නිවැරදි බදු මුදල් ගෙවයිද කියන කරුණ මෙහිදී සොයා බලෙන බව සදහන්. මෙහිදී එම මුදල් ගනුදෙනු සිදුවූ ආකාරය පිළිබද සියලු දත්ත විමර්ශනයට ලක් වනු ඇත . ATO ආයතනය පවසන්නේ ඕස්ට්‍රේලියානුවන් 50000 සිට මිලියන 1ක් දක්වා මෙම cryptocurrency ආයෝජන සිදු කොට ඇති බවයි

මීට පෙර ඉතා ඉහල ආදායම් ලැබුනද Bitcoin මිල දැන් පහල වැටී තිබේ.

වසර 2017 අග භාගයේදී Bitcoin වටිනාකම ඇමෙරිකානු ඩොලර් 19787ක් දක්වා ඉහල ගොස් තිබිණ. නමුත් දැන් එය ඩොලර් 5141 පමණ වේ.

ATO විසින් සොයා බලන්නේ මොනවාද ?

ඔස්ට්‍රේලියාව තුල Bitcoin වැනි cryptocurrency දේපොළ ලෙස බදු සදහා සැලකේ. නමුත් cryptocurrency සහිත ඔස්ට්‍රේලියානුවකු මාස 12ක් එය හිමිකර ගෙන සිටියහොත් capital gain tax සහනයක් ලබා ගත හැකි වේ. එසේම ඒවා විකිනීමෙදී ඔවුන් capital gain ආදායම් මගහැර ඇත්දැයි සොයා බැලේ.
ඒ නිසා මෙම මුදල් හුවමාරු කරන ආයතන , bitcoin ATM ආදිය මගින් වෙලදාම් සිදු වූ තොරතුරු ලබා ගනු ඇත

මෙම ක්‍රියාවලියෙන් පසුව එම ගනුදෙන්කරුවන්ට දින 28ක් තුලදී ලැබී ඇති තොරතුරු තහවුරු කිරීමට කාලය ලබා දෙනු ඇත.
එසේම ATO ආයතනය මුදල් වංචා වැලැක්වීම සදහා Australian Transaction Reports and Analysis Centre (AUSTRAC) සහ the Australian Securities and Investment Commission (ASIC) යන ආයතන සමගද ක්‍රියා කරනු ඇති

 මුදල් වංචා හා ත්‍රස්ත ක්‍රියා පිටු අකීමට පසුගිය වසරේ ඉදිරිපත් වූ නව නීති සමග bitcoin වැනි වත්කම් AUSTRAC ආයතනයේ ලියාපදිංචි කල යුතු වේ. ATO ආයතනය පවසන්නේ cryptocurrency මගින් විදේශයන්හි වත්කම් සගවා තැබීම වැනි වංචා සිදු වෙන බවයි. එම නිසා බදු කාර්යාංශය ජාත්‍යන්තර Global Tax Enforcement නම් ආයතනය සමග මෙම වංචාවන් සෙවීම සදහා එක්ව කටයුතු කරයි.

එසේම මුදල් වන්චනිකයන්ද මෙම cryptocurrency බාවිතයෙන් මිනිසුන් මුලාවට පත් කරන බවද වාර්තා වී තිබේ.
ACCC ආයතනය පවසන්නේ වසර 2018 ATO ආයතනය මෙන් පෙනී සිටිමින් bitcoin හරහා ඩොලර් 647,817ක් පමණ වංචනිකයන් ලබා ගෙන ඇති බවයි. එසේම google play කාඩ් හා itunes මගින්ද එසේ වංචාකාරී ලෙස මුදල් ලබා ගෙන ඇත .

ATO ආයතනය පවසන්නේ ඔවුන් කිසි විටෙක cryptocurrency මගින් ගෙවීම් ඉල්ලා නොසිටින බවයි.

Source: ABC

 


Share
Published 30 April 2019 10:52pm
Updated 1 May 2019 6:46am
By Charitha Adikari

Share this with family and friends