ඕස්ට්‍රේලියානු සංක්‍රමිකයන්ගේ චරිත සහතික දැඩි ලෙස සොයා බැලීමේ නව නීති හඳුන්වා දීමට රජය සැරසෙයි ..(SBS සිංහල/ වාර්තා )

sc

Source: AAP

ඕස්ට්‍රේලියානු සංක්‍රමිකයන්ගේ චරිත සහතික දැඩි ලෙස සොයා බැලීමේ නව නීති රජය ඉදිරිපත් කිරීමට සැරසෙන අතර , එමගින් දැනට ඕස්ට්‍රේලියාවේ දීර්ග කලක් වාසය කරන නවසීලන්ත වාසීන්ට පවා නැවත රටින් පිට වීමට සිදු වීමේ ඉඩ කඩ ඇති බවට වාර්තා වේ. මේ අනුව අපරාධයක් සිදු කල වසර 2ක පමණ සිර දඩුවමක් ලැබුවන් මෙම පරීක්ෂණයෙන් අසමත් වනු ඇති. මෙම නීති, සංක්‍රමණික අමාත්‍ය David Coleman විසින් පසුගිය මාසයේ ඉදිරිපත් කරන ලද අතර වසර 2014 දී මාස 12 පමණ සිර ගත වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අය රටින් පිටුවහල් කිරීමේ හැකියාව ඇති නීතිය තව දුරටත් දිගු කිරීමක් ලෙස මෙය හැඳින්වේ.  


මේ නීති නිසා ඕස්ටේලියාවේ වෙසෙන නවසීලන්ත ජාතිකයන 1000කට පමණ නැවත සිය රටට යාමට සිදුවීම නවසීලන්ත නායිකා Jacinda Ardern ගේ අප්‍රසාධයට ලක් වී  ඇති බව සදහන්. සංක්‍රමණය පිළිබද පර්යේශයකයින් පවසන්නේ මෙම නව නීති නිසා සමාජයට තර්ජනයක් නොවන සන්ක්රමනික්යන්ට පවා රටින් පිට වීමට සිදු විය හැකි බවයි. පර්යේෂක Henry Sherrell පවසන්නේ වසර 2005 NSW අධිකරණ වල පහරදීම් හෝ Apprehended Violence Order නම් නියෝග වලට ලක් වූ පිරිස පවා මෙම චරිත පරීක්ෂාවෙන් අසමත් විය හැකියි.

එසේම මෙම නීතිය අතීතයට බලපාන ලෙස සකස් කර ඇති නිසා ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් වාසය කල සන්ක්රමිකයන්ටද මෙය බලාපනු ඇති.

ඔස්ට්‍රේලියාව "පිරිසිදු" කිරීමේ රජයේ වැඩපිළිවෙල

ඔස්ට්‍රේලියාව තුල පුරවැසියන් නොවන වෙනත් වීසා වල සිටින වැඩිම පිරිසක් නවසීලන්ත ජාතිකයන් නිසා ඔවුන්ට මෙසේ රටින් පිටවීමේ අවධානම වැඩි බවටද පැවසේ. සමහර නවසීලන්ත පවුල් වසර ගණනක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන නිසා සමහර පුද්ගලයන් මේ නීති නිසා බියට පත්ව ඇති බවත් , මෙය රජයේ ඔස්ට්‍රේලියාව පිරිසිදු කිරීමෙ ක්‍රියාදාමයක් ලෙසටද නවසීලන්ත ප්‍රජාව දොස් නගමින් සිටී.

රජය මෙම නීති සම්මත කල හොත් දීර්ඝ කාලයක් මෙරට ජීවත් වන, මෙරට සමාජය හා දැඩි ලෙස බැදී සිටින නවසීලන්ත  ජාතිකයන් සදහා විශේෂ වරප්‍රසාද ලබා දීම වැදගත් බවට පර්යේෂක  Sherrell පවසනවා. 

 මෙම නීති සම්බන්ධව අමාත්‍ය Coleman පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ මෙම පනත මගින් ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුදගලයන්ට ඔස්ට්‍රේලියාව අපරාධ කරුවන් පිලි නොගන්න බවට පැහැදිලි පණිවිඩයක් දෙන බවයි. ඔස්ට්‍රේලියාවට පැමිණීම හා වාසය කිරීම අයිතියක් නොව වරප්‍රසාදයක් බව ඔහු පවසයි . එසේම ඔස්ටේලියානු ගුණ ධර්ම කඩ කරන පුද්ගලයන්ට ඒ අනුව එම වරප්‍රසාද අහිමි විය හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි
sc
Source: SBS

Share
Published 8 August 2019 6:25am
Updated 8 August 2019 6:41am
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends