ඔස්ට්‍රේලියාවේ සෑම නිවෙසකටම නත්තලට පෙර විශේෂ ලිපියක් ලැබෙන්නට යයි. (SBS සිංහල/වාර්තා)

පාරිභෝගිකයින්ගේ වට්ටම සහිත කොන්ත්‍රාත්තු කාලය අවසන් වුවන් පසුව ඔවුන් සඳහා අදාළ ලිපි ලිවීමට බලශක්ති සැපයුම් සමාගම් ප්‍රථම හමුවේදී තීරණය කළ නමුත් මෙවර හමුවේදී සියලුම පාරිභෝගිකයින් සඳහා ලිපි යැවීමට ඔවුන් එකඟ වී ඇත.

A special letter will send to every house in Australia before this Christmas.

Source: Australia Post

එළඹෙන නත්තලට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ බලශක්ති සැපයුම් සමාගම් වෙතින්  බලශක්ති පාරිභෝගිකයින් හට බලශක්තිය බිල්පත් වලින් වියදම් අවම කරගන්නේ (ඉතිරි කරගන්නේ) කෙසේද යන්න පැහැදිලි කරමින් ලිපි එවනු ඇතැයි අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සැපයුම් සමාගම් සමග මාධ්‍ය ඉදිරියේදී මෙම මාසය තුළ පැවති දෙවැනි හමුවේදී මේ පිළිබඳ තීන්දුවකට එළඹී බව වාර්තා වේ.

අධික වියදමක් සහිත හෝ නුසුදුසු බලශක්ති කොන්ත්‍රාත්තු වලට කොටුවීමෙන් මිලියන 2 කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවක් ගෙවීමට අවශ්‍ය මුදලට වඩා බලශක්ති බිල් පත් සඳහා මුදල් ගෙවන බව අගමැති ටර්න්බුල් එහිදී ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයින්ගේ වට්ටම සහිත කොන්ත්‍රාත්තු කාලය අවසන් වුවන් පසුව ඔවුන් සඳහා අදාළ ලිපි ලිවීමට බලශක්ති සැපයුම් සමාගම් ප්‍රථම හමුවේදී තීරණය කළ නමුත් මෙවර හමුවේදී සියලුම පාරිභෝගිකයින් සඳහා ලිපි යැවීමට ඔවුන් එකඟ වී ඇත.

පාරිභෝගිකයින් හට ඔවුන්ගේ බිල්පත් පිළිබඳ පැහැදිලි තොරතුරු සහ සිදු කළ හැකි ඉතිරිකිරීම් පිළිබඳ නිවැරදි කරුණු සැපයිය යුතු බවද අගමැතිවරයා අවධාරණය කළේය.
“නත්තලට පෙර මෙම ලිපි සියලුම පාරිභෝගිකයින් හට යැවෙනු ඇති. Energy Made Easy වෙබ් අඩවියට ගොස් බලශක්ති පරිභෝජනයේදී තමන්ට විශාල මුදලක් ඉතිරි කරගත හැකි ආකාරය දැනගැනීමට එම ලිපි වලින් උපදෙස් ලැබෙයි.” අගමැතිවරයා පැවසීය.
පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ නිවැසියන් 50% ක් පමණ තමන්ගේ බලශක්ති සැපයුම් සමාගම හෝ කොන්ත්‍රාත්තුව වෙනස් නොකර ඇති බවත් ඔවුන් වියදම් අඩු විකප්ල පිළිබඳ දැනුවත්වී නොමැති බවත් බලශක්ති අමාත්‍ය Josh Frydenberg පැහැදිලි කළේය.

අප මෙයින් සිදු කිරීමට උත්සාහ කරනුයේ බලශක්ති බිල් අඩු කර පරිභෝගිකයින් හට ආර්ථිකමය සහනයක් සැලසීම බවද බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

බලශක්ති සැපයුම් සමාගම් පුනර්ජනනීය බලශක්තිය දෙසට හැරෙයි.

ඔස්ට්‍රේලියාවේ බලශක්ති සැපයුම් සමාගම් ඉහත ලිපි යැවීමට අදාළ හමුවේදී එකඟ වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක හඳුන්වා දෙන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියෝය.

ඔස්ට්‍රේලියාවේ බලශක්තිය පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ Alan Finkel ගේ නිර්දේශ මත එය සිදු කරන මෙන් සඳහන් විය.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා මුල්‍යමය දීමනා ලබා දීමට අපේක්ෂිත වූ නමුත් ලිබරල් සන්ධාන රජයේ ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් එයට වඩා ගල් අඟුරු කර්මාන්තයට වැඩි ආයෝජන සිදු කිරීම දැකීමට කැමත්ත පළ කර තිබේ.

 කෙසේවෙතත්, මේ පිළිබඳ විවාදයක් පවත්වා මේ වසර අවසාන වීමට පෙර විසඳුමක් ගැනීමට අගමැතිවරයාට අවශ්‍යව ඇති නමුත් සාමන්‍ය ආකාරයේ නව ගල් අඟුරු බලශක්ති කර්මාන්ත ශාලාවකට මුල පිරීමට රජයේ අපේක්ෂාවක් නොමැති බවද අනවරණය කළේය.

නමුත් ඔස්ට්‍රේලියානු විදුලිය වෙළෙඳ පොළෙහි ගල් අඟුරු ඉදිරියටත් ප්‍රධාන භූමිකාවක් දරනු ඇති බවත් ඉහළ කාර්යක්ෂමතාවක් ඇති අඩු විමෝචනයක් සහිත ගල් අඟුරු බලගාරයක් ඉදිකිරීමට තමන් එකඟ වන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

Share
Published 30 August 2017 9:43pm
By Madhura Seneviratne
Source: SBS News, ABC News

Share this with family and friends