වසර ආරම්භයේදී ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන නවක සිසුන් ලිංගික අපයෝජන වලට ගොදුරු වීම වලක්වා ගැනීම කෙරෙහි අවධානය යොමුවෙයි (SBS සිංහල/වාර්තා)

Flinders University

Το Πανεπιστήμιο Flinders της Αδελαΐδας Source: SBS Greek

විශ්වවිද්‍යාල වලට නවක සිසුන් හඳුන්වාදීමේ සතිය හෙවත් orientation week තුල ක්‍රියාකාරකම් රාශියක් සිදු වෙයි. මේ අතරට විශ්වවිද්‍යාල චාරිකා හා සිසුන්ට තමන් සමග ඉගෙන ගන්නා අනෙකුත් සිසුන් දැන හඳුනා ගැනීමට ප්‍රිය සම්බාශන පැවැත්වෙයි. මෙවැනි අවස්ථා තුලින් නව මිතුරන් ඇති කර ගැනීමට හැකි වෙනවා සේම තරුණ පිරිසට අනතුරුදායක තත්වයන් වලට ද ඉඩ කඩ ඇතිවිය හැකියි.
university students
Source: AAP


 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව -  

 



 

End Rape on Campus හි අධ්‍යක්ෂිකාව වන Sharna Bremner අනතුරු ඇඟවූවේ, ගෙදර පරිසරයෙන් ඈත් ව සිටීම මෙන්ම මත්පැන් සහ නො දන්නා පුද්ගලයින් සමග එකතු වීම යන සාධක තරුණ සිසුන් ලිංගික හිංසනයට ලක් වීමට ඇති ඉඩකඩ වැඩි කරනා බවයි.
End Rape on Campus
Source: Supplied
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල නිරූපණය කරන Universities Australia හි ප්‍රධාන විධායක නිලධාරීනි Catriona Jackson විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ orientation week තුල තමන්ගේ විශ්වවිද්‍යාලය ගැන ඉගෙන ගන්නවා සේම නවක සිසුන් හමු වී ඔවුන් සමග සමීප සබඳතාවක් ඇති කරගන්නවානම් නිතරම ඔවුන්ගේ එකඟතාව පැහැදිලිව ලබා ගත යුතු බවයි. එසේම  අන් අයගේ තීරණ වලට නිසි ගෞරවය දක්වන අතරේ තමන්ගේ  ආරක්ෂාව ගැනද සැලකිලිමත් වන ලෙස ඇය ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාල තුල සිදු වන අඩන්තේට්ටම්

2017 දී නිකුත් වුන මානව හිමිකම් කොමිසමේ වාර්තාව සොයා ගෙන තිබුණේ 2016 වසරේ දී සියළුම සිසුන්ගෙන් අඩක්, එම අවුරුද්ද තුල දී ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බවයි. මින් 25% කට අදාළ වනුයේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාල සිසුන් 15 කින් එක් අයකු මෙසේ ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇත.

 

මෙම තත්වය මර්දනය කිරීමට තමන් සැලකිය යුතු පියවර බොහෝමයක් පසුගිය වසරවල් තුල දී ගත් බව Universities Australia පවසයි. වර්තමානයේ දී ඔවුන් “The Respect and Equality Program” නම් අන්තර්ජාල වැඩසටහනක් නිර්මාණය කරමින් සිටියි. මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි මාස 18 ක් තුල දී විශ්වවිද්‍යාල 4 ක අත්හදා බැලීමට නියමිතයි.

සංක්‍රමණික මානසික ආතතිය හෙවත් Transition stress

Reach Out නම් මානසික සෞඛ්‍යය සංවිධානය, තරුණයන් සඳහා මානසික සෞඛ්‍යය උපදෙස් සහ උපකාර ලබා දෙයි. මෙහි ප්‍රධාන විධායක නිලධාරි, Ashley de Silva පැවසූයේ සිසුන් orientation week තුල දී ලබන නව අත්දැකීම් නිසා ඔවුන් අපහසුතාවයන්ට භාජනය වී හැකි බවයි. ඔහු ඉල්ලා සිටියේ යම් කෙනෙකුට මෙම තත්වයෙන් මිදීමට සහය අවශ්‍ය නම් තම සංවිධානය වෙත යොමු වන ලෙසයි.

ඔබේ සීමාවන් දැන ගන්න

Red Frogs සංවිධානය ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන orientation week උත්සව වල ස්වේච්ඡා සේවයේ යෙදෙයි. මෙම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක Andy Gourley සිසුන්ට උපදෙස් දෙන්නේ තම සීමාවන් හඳුනා ගැනීම වැදගත් සහ තමන්ගෙ මිතුරන්ගේ සුභ සිද්ධිය ගැනත් අවධානයෙන් පසු වෙන ලෙසයි.

 

ඔබ හෝ ඔබ දන්නා අයෙකු ඔස්ට්‍රේලියාව තුල ලිංගික හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට මුහුණ දෙනවා නම් උපකාර ලබා ගැනීමට, 1800RESPECT ආයතනය 1800 737 732 ඔස්සේ ඇමතිය හැකියි.

Lifeline සංවිධානය 13 11 14 හරහාත් Beyond Blue සංවිධානය 1300 224 636 හරහා ඇමතිය හැකියි.

හදිසි අවස්ථාවක දී 000 අමතා සහය ලබා ගන්න.



*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 7 February 2019 7:39am
Updated 7 February 2019 12:09pm
By Gamidu Agampodi

Share this with family and friends