පසුගිය දා ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් යෝජනා කළ නව බැංකු බද්ද හේතුවෙන් ඇතිවන ඩොලර් බිලියන 6.2 ක වියදම තමන්ට දැරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන පෙළේ බැංකු පවසයි.
ඒ අනුව ANZ, NAB, Westpac, Commonwealth යන බැංකු ද Macquarie මුල්‍ය ආයතනයද මේ බව රජයට දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, මෙම බදු පිරිවැය පාරිභෝගික ජනතාවගෙන් අය නොකරගත යුතු බවට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බැංකු ක්ෂේත්රයට දැනුම් දී ඇත.
මෙම බදු ප්‍රමාණය අදාළ බැංකු වල ආදායමින් ඉතා සුළු ප්‍රමාණයක් බව භාණ්ඩාගාර සහකාර අමාත්‍ය Michael Sukkar, ABC පුවත් සේවයට පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව බැංකු බද්ද සම්බන්ධයෙන් මහජන මත විමසීමක් පවත්වන ලෙස National Australia බැංකුවේ සභාපති Ken Henry ඉල්ලා සිටියි.
මෙම නව බද්ද හේතුවෙන් National Australia බැංකුවට වසරකට ඩොලර් මිලියන 300 කට අධික ප්‍රමාණයක පිරිවැයක් දැරීමට සිදු වන බවද ආචාර්ය Henry පෙන්වා දෙයි.
ඔහු මීට පෙර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මෙවැනි බදු අවසානයේ දැරීමට සිදුවන්නේ පාරිභෝගිකයින්ට හා කොටස්කරුවන්ට බව අය වැය දින රාත්‍රියේ පැහැදිලි කිරීම රජයේ වගකීමක් බව ද ඔහු පෙන්වා දෙයි.