ඕස්ට්‍රේලියාවේ සාපරාධී වැරදි සිදු කොට ඇති වැඩිහිටියන් සඳහා ඇති බන්ධනාගාර පද්ධතිය පිළිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

සාපරාධී වැරදි සිදු කරන වැඩිහිටියන් සඳහා ඕස්ට්‍රේලියාව තුල නිවැරදි කිරීමේ පහසුකම් 115 පවතී. එමෙන්ම වැරදි කරුවන් හට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල පිරිස සඳහාත් "බන්ධනාගාර" යනු "නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන" වලට වඩා දරුණු ස්ථානයක වශයෙන් සැලකිය හැක.

Sydney Harbour Bridge view behind bars

Behind bars Source: Getty Images/Andrew Merry

 Highlights

  • ප්‍රාන්ත සහ ටෙරිටරි සඳහා වෙන වෙනම අපරාධ පරිපාලන පද්ධතියක් තිබේ
  • Correctional Services නොහොත් "විශෝධන සේවා" හරහා ඔබට බන්ධනාගාරයේ සිටින පවුලේ සාමාජිකයෙකු සොයා ගැනීමට හැක
  • සියලුම සිරකරුවන්ගෙන් අඩකට ආසන්න සංක්‍යාවක් වසර දෙකක් ඇතුළත නැවත වැරදි කිරීමට ඉඩ පවතී
  • අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ ආදරණීයයන් හට උපකාර කිරීමට සම්පත් තිබේ

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටරිටරි වලට අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීම සහ බන්ධනාගාර පද්ධති පාලනය කිරීම සඳහා ඔවුන්ගේම ක්‍රමවේද පවතී. නමුත් ඕස්ට්‍රේලියානු බන්ධනාගාරවලින් දළ වශයෙන් 80%ක් මධ්‍යම රජය මගින් පාලනය කිරීම සිදු කරයි.

බන්ධනාගාර ජනගහනය පිළිබඳ දත්ත රැස් කිරීම, Australian Bureau of Statistics නොහොත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් සිදු කරයි.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ, ජාතික අපරාධ සහ යුක්තිය සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ William Milne පවසන්නේ මේ අනුව 2021 වසරේ ජුනි මාසයේදී ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන වල රැඳවියන් 43,000 ක් සිටි අතර ඔවුන්ගෙන් 15,000 කට වඩා වැඩි පිරිසක් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් රිමාන්ඩ් භාරයේ සිටි අය වන බවයි.

එමෙන්ම ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ සිරගත කිරීමේ අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහල අගයක් ගනී. කම්පන තත්වයන් සහ විවිධ හේතුන් මත මොවුන්ගේ සිරගත කිරීමේ අනුපාතය සෙසු ඕස්ට්‍රේලියානු ප්‍රජා වලට වඩා 10 ගුණයකින් ඉහල අගයක් ගනී.

මෙම ගැටලු සම්බන්ධයෙන් SBS හි වාර්තා චිත්‍රපටය ඔස්සේ සාකච්චා කිරීම සිදු කරයි.

බන්ධනාගාර පද්ධතියට ඇතුල් වීම

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට එම පුද්ගලයාව යම් තක්සේරුවට ලක් කිරීම සිදු වේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Metro West හි භාරකාර අධ්‍යක්ෂ Emma Smith පවසන්නේ "ත්‍රස්තවාදීන්" වැනි බරපතල වැරදිකරුවන් හට ඉහළම ආරක්ෂක වර්ගීකරණයක් ලැබෙන බවයි.

එමෙන්ම විවිධ වැරදිකරුවන් සඳහා ඕස්ට්‍රේලියාවේ උපරිම, මධ්‍යම සහ අවම ආරක්‍ෂක මධ්‍යස්ථාන පවතින අතර වැරදිකරුවන් අත්අඩංගුවේ සිටින්නේ කුමක් සඳහාද, ඔවුන් වැරදිකරුවන් වී තිබේද නැතහොත් රිමාන්ඩ් භාරයේ සිටිනවාද යන්න තීරණය කිරීම සිදු කරන බවත් Emma පෙන්වා දෙයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


රිමාන්ඩ් සිරකරුවෙකු යනු, අත්අඩංගුවට ගෙන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවන, නඩු විභාගයක් හෝ දඩුවමක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් වේ.

පසුගිය වසර 10ක දත්ත සලකා බැලීමේදී කාන්තාවන් සිදු කොට ඇති අපරාධ සංඛ්‍යාව පිරිමි පුද්ගලයින්ට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තිබුනද, බන්ධනාගාර තුල සිටින පිරිසෙන් 92%ක් පිරිමි පුද්ගලයින් වේ.

කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් ඔවුන්ට අදාළ වෙන වෙනම වූ පහසුකම්වල, නවාතැන් ගැන්වීම සිදු කරයි. එමෙන්ම චෝදනා ලබන කාන්තාවන් බොහෝ විට අපවාදාත්මක පසුබිම් වලින් පැමිණෙන අතර, මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වීමේ වැඩි අනුපාතයක් පවතී.
A prisoner in green uniform handcuffed
A prisoner in green uniform handcuffed Source: AAP Image/David Gray
ඕස්ට්‍රේලියාවේ සිර දඬුවම් නියම වූ සිරකරුවන් අත්අඩංගුවේ ගත කරන මධ්‍ය කාලය වසර තුනහමාරක් වන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයසඳහන් කරයි.

සිරගතව සිටියදී ඔවුන් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් වලට සහභාගී වීමට සිදු වේ. එමෙන්ම රැඳවියන්, බන්ධනාගාර පහසුකම් නඩත්තු කිරීමේ, ඉංජිනේරු, මුද්‍රණ හෝ බන්ධනාගාර සාප්පු වැනි තමන් රඳවා සිටින මධ්‍යස්ථානයේ කර්මාන්තවල වැඩ කිරීමද සිදු කල යුතු වේ.

Parole නොහොත් යහපත් හැසිරීමේ පොරොන්දුව මත සිටින පිරිස

ඇතැම් රැඳවියන් හට පූර්ණ කාලීන සිරදඬුවම් ලබා දී තිබේ, එයින් අදහස් වන්නේ ඔවුන් බන්ධනාගාරයේදී ඔවුන්ගේ මුළු දඬුවමම ගෙවන බවයි. නමුත්, රැඳවියන්ගෙන් විශාල සන්ක්‍යාවකට බන්ධනාගාරයෙන් නිදහස් වීමට, නියමිත දිනට වඩා පෙර දිනයක් ලබාදෙන අතර ඔවුන් සමීප අධීක්ෂණයක් යටතේ සමාජයට නිදහස් කරන බව Emma පවසයි.

එය රැඳවියන්ට යහපත් සහයෝගයක් වන අතර, මේ ඔස්සේ ඔවුන්ට සමාජය සමග නැවතත් ඒකාබද්ධ වීමට ඉඩ සලසන බවත් Emma පෙන්වා දෙයි.
Parramatta Correctional Centre, former medium security prison
Parramatta Correctional Centre, former medium security prison Source: Getty Images/Andrew Merry

බන්ධනාගාරයේ සිටින පවුලේ සාමාජිකයෙකු සොයා ගැනීම

යම් අයකුගේ පවුලේ සාමාජිකයෙකු රඳවාගෙන සිටින ස්ථානය සොයා ගැනීමට, අදාළ ප්‍රාන්තයේ Department of Corrective Services නොහොත් විශෝධන සේවා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීම ඔස්සේ සිදු කල හැක.

නමුත් ඔබ බන්ධනාගාරගතව සිටින කෙනෙකු බැලීමට, පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


සෑම බන්ධනාගාරයකම, දුරකථනය ඔස්සේ කාලය වෙන්කරවා ගැනීමේ සේවාවක් පවතින අතර එමඟින් ඔබට පැමිණීමේ වේලාවන්, සීමාවන් සහ ඇඳුම් අවශ්‍යතා පවා ඒ ඔස්සේ දැනුම් දීම සිදු කරයි.

බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ පවුල් සඳහා වන සහාය

ස්වේච්ඡා සේවයේ නියුතු Nadia සිරගතවූ ආදරණීයයන් සිටින පුද්ගලයින් සඳහා Online වේදිකාවක් වන පිහිටුවා තිබේ.

යනු එම තත්වයේ සිටින පුද්ගලයින්ට දැනිය හැකි ලැජ්ජාව, අපකීර්තිය සහ හුදකලාව තේරුම් ගන්නා ස්වේච්ඡා සේවකයන් විසින් පවත්වාගෙන යනු ලබන ආධාරක ජාල ලැයිස්තුවකි.

සිරගතව සිටින කෙනෙකුගේ චිත්තවේගීය හා මූල්‍යමය බර ඉසිලීමට බොහෝ විට ඔවුන්ගේ පවුල්වලට සිදුව තිබේ.

බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු නැවත වරදක් කිරීම

මත්ද්‍රව්‍ය භාවිතය, විරැකියාව, අඩු අධ්‍යාපන මට්ටම් සහ දුර්වල මානසික සෞඛ්‍යය බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු නැවත වරදක් කිරීම සඳහා අවදානම් සාධක වශයෙන් සැලකිය හැකි වේ.

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව, අනතුරුදායක ලෙස නැවත වැරදි කිරීමේ අනුපාත වාර්තා කරන අතර, ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ William පවසන්නේ සිරකරුවන්ගෙන් 46% ක් පමණ වසර දෙකක් ඇතුළත නැවත වරදක් කිරීමේ ප්‍රවණතාවයක් තිබෙන බවයි.

එමෙන්ම,දැනට සිරගතව සිටින පිරිසෙන් 60% කට පමණ පෙර සිරදඬුවම් නියම වී ඇති බව දැකගත හැකි නමුත් එය වසර දෙක තුළ අනිවාර්ය නොවන බවත් William පෙන්වා දෙයි.

යමකු බන්ධනාගාරයෙන් මුදා හැරීමෙන් පසු ඔවුන්ට පවුලේ සහයෝගය අත්‍යවශ්‍ය බව Nadia පවසයි.

එමෙන්ම ඇය සඳහන් කොට සිටින්නේ, යමකු බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු, පුද්ගලයෙකුට නැවත සමාජයට සම්බන්ධ වීමට වැඩි අවස්ථාවක් ඇති අතර, ඔවුන්ට හොඳ පවුල් සහයෝගයක් තිබේ නම්, ඔවුන් නැවත සිරගෙට යන ප්‍රවණතාවය අවම බව පර්යේෂණවලින් හඳුනාගෙන ඇති බවයි.

SBS හි නව වාර්තා වැඩසටහන් මාලාවක් වන Life on the Outside යනු, බන්ධනාගාරයෙන් නිදහස් වූවන් නැවත වරදක් සිදුකිරීමේ අනුපාත නිරාකරණය කිරීම අරමුණු කරගත් වාර්තා වැඩසටහන් මාලාවක් වේ.

SBS හි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න:

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 8 May 2022 5:41pm
Updated 12 August 2022 2:56pm
By Melissa Compagnoni, Nipuna Dodangoda


Share this with family and friends