නව වසරේදී ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ දූෂණ සහ අක්‍රමිකතා සිදුවන බව තමන් සියැසින්ම දුටු බව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ගෙන් 5% ක් පවසයි.
රාජ්‍ය සේවයට බඳවා ගැනීම්දී තමන්ගේ පවුලේ හිතවතුන් සහ යහළුවන් හට වැඩි අවස්ථාවක් දෙන බවට එයින් බොහොමයක් චෝදනා එල්ල වෙමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවය පිළිබඳ ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කළ අන්තර් සමීක්ෂණයකින් හෙළිකරගත් දත්ත මගින් සැකසූ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.
මේ අතර එම වාර්තාවට අනුව රාජ්‍ය සේවකයින් 64 දෙනෙකු ඇතුළාන්ත තොරතුරු අවභාවිතා කර ඇති බව හෝ තමන්ගේ බලය යුතු ලෙස භාවිතා කර ඇති බව හෝ හෙළිවී ඇත.
2015 – 16 කාලයේදී මෙවැනි සිදුවීම් 31 ක් වාර්තා වී ඇති අතර වර්තමානය වන විට එය වැඩිවී තිබේ.
මීට අමතරව අවංක භාවය සහ විශ්වාසය කඩ කිරීම් සම්බන්ධ සිද්ධීන් 287 ක් ද වාර්තා වන බව සඳහන්.