Australian Open 2019, Day 07: ටෙනිස් ලොවම වික්ෂිප්ත කරවමින් Federer, Kerber සහ Sharapova ඉවතට විසිවෙති.

Australian Open 2019

Source: AAP, Getty

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ හත්වන දිනය වන ඊයේ (20/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන ස්පාඤ්ඤයේ Rafael Nadal සහ ග්‍රීසියේ Stefanos Tsitsipas අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාන්තා ටෙනිස් ශූරිය වන Ashleigh Barty ද  ඊයේ දිනයේදී  අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියම වික්ෂිප්ත කරවමින් සුපිරි ටෙනිස් තරු වන ස්විට්සර්ලන්තයේ Roger Federer, ක්‍රොයේෂියාවේ Marin Čilić මෙන්ම ජර්මනියේ Angelique Kerber, රුසියාවේ Maria Sharapova සහ ඇමෙරිකාවේ Sloane Stephens ඊයේ දිනයේදී පැවති තරග වලින් පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Ashleigh Barty (ඔස්ට්‍රේලියාව) 4−6, 6−1 සහ 6−4  ක් ලෙස Maria Sharapova (රුසියාව) පරාජයට පත් කළාය.

Rafael Nadal (ස්පාඤ්ඤය) 6–0, 6–1 සහ 7–6  ක් ලෙස Tomáš Berdych (චෙක් ජනරජය) පරාජයට පත් කළේය.

Stefanos Tsitsipas (ග්‍රීසිය) 6−7, 7−6, 7−5 සහ 7−6 ක් ලෙස Roger Federer (ස්විට්සර්ලන්තය) පරාජයට පත් කළේය.

Anastasia Pavlyuchenkova (රුසියාව) 6–7, 6–3 සහ 6–3   ක් ලෙස Sloane Stephens (ඇමෙරිකාව) පරාජයට පත් කළේය.

MARGARET COURT ARENA

Danielle Collins (ඇමෙරිකාව) 6–0 සහ 6–2  ක් ලෙස Angelique Kerber (ජර්මනිය) පරාජයට පත් කළාය.

Roberto Bautista Agut (ස්පාඤ්ඤය) 6–7, 6–3, 6–2, 4–6 සහ 6–4 ක් ලෙස Marin Čilić (ක්‍රොයේෂියාව) පරාජයට පත් කළේය.
Australian Open 2019
After his defeat to Stefanos Tsitsipas, Roger Federer said popularity can fluctuate. Source: AP Source: AP

සුපිරි තරු ගිලිහුණු හැටි

2017, 2018  වසර වල ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගත් Roger Federer ඊයේ දිනයේදී ග්‍රීසියේ Stefanos Tsitsipas අතින් පරාජයට පත් වීම මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියම වික්ෂිප්ත කරවූ සිද්ධිය බවට පත්විය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතා 6 ක් දිනා ඇති Federer මෙවරද ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා මත පළ කළහ.

Roger Federer මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවන් 20 ක් ජයගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ටෙනිස් ලොවම වික්ෂිප්ත කරවමින් මේ වන විට ලොව අංක 2 කේ ටෙනිස් ක්‍රීඩිකාව වන ජර්මනියේ Angelique Kerber ඇමෙරිකාවේ Danielle Collins අතින් පරාජයට පත් විය.

Angelique Kerber 2016 වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර ඇය මෙතෙක් ලබා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවන් ගණන 03 කි.

මේ අතර රුසියාවේ ප්‍රධානතම ටෙනිස් බලාපොරොත්තුව වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova ඊයේ දිනයේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Barty අතින් පරාජයට පත් වුවාය.

Maria Sharapova 2008 වසරේදී  ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර ඇය මෙතෙක් ලබා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවන් ගණන 05 කි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ Ashleigh Barty තම ටෙනිස් දිවියේ ප්‍රථම වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ඊයේ වරම් ලබා ගත්තාය.

ඔස්ට්‍රේලියාවේ ටෙනිස් ක්‍රීඩිකාවක්  ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අර්ධ වසන පූර්ව වටයට මෙලෙස පිවිසුණේ වසර 10 කට පසු වීමද විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Jelena Dokic 2009 වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අර්ධ වසන පූර්ව වටයට පිවිසීමට සමත් වුවාය.


Share
Published 21 January 2019 10:04am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends