Australian Open 2019 Day 01: බ්‍රිතාන්‍යයේ Andy Murray ඉවතට විසිවෙද්දී Federer, Nadal, Kerber, Sharapova දෙවැනි වටයට.

Australian Open 2019

Source: AAP

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු දිනය වන ඊයේ (14/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන Roger Federer, Rafael Nadal, Marin Cilic, Alex de Minaur, Kevin Anderson දෙවනි වටයට සුදුසුකම් ලැබීය.

එමෙන්ම කාන්තා ටෙනිස් ශූරයින් වන Angelique Kerber,Caroline Wozniacki, Sloane Stephens, Ashleigh Barty සහ Maria Sharapova ද දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Maria Sharapova (රුසියාව) 6-0 සහ 6-0 ක් ලෙස Harriet Dart (එක්සත් රාජධානිය) පරාජයට පත් කළාය.

Caroline Wozniacki (ඩෙන්මාර්කය) 6-3 සහ 6-4 ක් ලෙස Alison Van Uytvanck (බෙල්ජියම) පරාජයට පත් කළාය.

Rafael Nadal (ස්පාඤ්ඤය) 6-7, 6-3 සහ 7-5 ක් ලෙස James Duckworth (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළේය.

Roger Federer (ස්විට්සර්ලන්තය) 6-3, 6-4 සහ 6-4 ක් ලෙස Denis Istomin (උස්බකිස්තානය) පරාජයට පත් කළේය.

Angelique Kerber (ජර්මනිය) 6-2 සහ 6-2 ක් ලෙස Polona Hercog (ස්ලෝවේනියාව) පරාජයට පත් කළාය.

MARGARET COURT ARENA

Ashleigh Barty (ඔස්ට්‍රේලියාව) 6-2 සහ 6-2 ක් ලෙස Luksika Kumkhum (තායිලන්තය) පරාජයට පත් කළාය.

Sloane Stephens (ඇමෙරිකාව) 6-4 සහ 6-2 ක් ලෙස Taylor Townsend (ඇමෙරිකාව) පරාජයට පත් කළාය.

Marin Cilic (ක්‍රොයේෂියාව) 6-2, 6-4 සහ 7-6 ක් ලෙස Bernard Tomic (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළේය.

Alex de Minaur (ඔස්ට්‍රේලියාව) 6-4, 7-5 සහ 6-4 ක් ලෙස Pedro Sousa (පෘතුගාලය) පරාජයට පත් කළේය.

MELBOURNE ARENA

Kevin Anderson (දකුණු අප්‍රිකාව) 6-3, 5-7, 6-2, සහ 6-1 ක් ලෙස Adrian Mannarino (ප්‍රංශය) පරාජයට පත් කළේය.
Andy Murray
Andy Murray Source: AAP
මේ අතර සුපිරි බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩක සහ 5 වරක් ඔස්ට්‍රේලියානු විවෘත් ටෙනිස්  තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයට පිවිසි Andy Murray ඊයේ දිනයේදී පළමු වටයෙන්ම ඉවත්ව ගියේය.

ඒ ස්පාඤ්ඤයේ Roberto Bautista Agut හට පරාජයට පත්වීමෙනි.

Andy Murray ගේ උකුලේ ඇතිවී ඇති ආබාධය හේතුවෙන් මෙය බොහෝ විට තමන් සහභාගී වන අවසාන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය බවට තරගාවලිය ආරම්භ වීමට පෙර Andy Murray ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඊයේ තරගය පරාද වීමෙන් අනතුරුව තමන්ගේ ආබාධය සුව වුවහොත් නැවත ලබන වසරේදීත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවට ඔහු ඉඟි පළ කළේය.

අද (15/01) 2019 ඔස්ට්‍රේලියානු විවෘත් ටෙනිස්  තරගාවලියේ දෙවැනි දිනය වේ.

Share
Published 15 January 2019 9:42am
Updated 15 January 2019 9:59am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends