ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop කෙටි සංචාරයක් සඳහා අද (19/07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඇය අද සහ හෙට දිනයේ ශ්‍රී ලංකාවේ රැදී සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ.
මේ දිනවල ශ්‍රී ලංකාවේ උග්‍ර අර්බුදයක්ව පවතින ඩෙංගු රෝගය මැඩීමට ඔස්ට්‍රේලියාවේ සහය ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම ඇයගේ මෙම සංචාරයේ මූලික අරමුණ බව පැවසේ.