"සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගයට ප්‍රධාන හේතුවක්" - ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති පවසයි

ලොව අනෙකුත් දියුණු ආර්ථික ගත් කල ඒවා සියයට එකකට අඩු වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත්, ඕස්ට්‍රේලියාව පසුගිය දශකය තුල සියයට 1.5ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ආචාර්ය Phillip Lowe පසුගියදා සදහන් කළේය. ඕස්ට්‍රේලියාවේ වේගවත් ජනගහන වර්ධනය මෙම ආර්ථික දියුණුවට ප්‍රධාන හේතුවක් බව ආචාර්ය Phillip Lowe පවසයි.

Governor Philip Lowe

RBA Governor Philip Lowe speaks to the audience Melbourne. Wednesday, June 13, 2018. (AAP Image/Daniel Pockett) NO ARCHIVING Source: AAP

ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගයට ප්‍රධාන දායකත්වය ලබාදෙන්නේ සංක්‍රමණිකයින් බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ආචාර්ය Phillip Lowe පවසයි.


සමස්තයක් වශයෙන් ඕස්ට්‍රේලියානු ජනගහනයේ තරුණ ප්‍රතිශතය ඉහල තලයක තබාගනිමින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය දියුණුව කරා ගෙන යන්නට සංක්‍රමණිකයින් සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති බව ඔහු පසුගියදා සිඩ්නි නුවරදී විශේෂ දේශනයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

ලොව අනෙකුත් දියුණු ආර්ථික ගත් කල ඒවා සියයට එකකට අඩු වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත්, ඕස්ට්‍රේලියාව පසුගිය දශකය තුල සියයට 1.5ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් ඔහු මෙහිදී සදහන් කළේය. ඕස්ට්‍රේලියාවේ වේගවත් ජනගහන වර්ධනය මෙම ආර්ථික දියුණුවට ප්‍රධාන හේතුවක් බව ආචාර්ය Phillip Lowe පවසයි.


පසුගියදා ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25ක් බවට පත් වූ අතර, මේ සමගින් හිටපු අගමැති ටෝනි ඇබට් සදහන් කලේ ඕස්ට්‍රේලියාවට භාරගන්නා සංක්‍රමනිකයින් ප්‍රමාණය අඩු කල යුතු බවයි. හිටපු අගමැති වරයා මෙම ප්‍රකාශය සිදු කර දින කීපයකට පසුව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති මෙම ප්‍රකාශය සිදු කිරීම සුවිශේෂී කාරණයක්.

සෑම වසරකම සංක්‍රමණිකයින් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනගහනය සියයට 1ක ජනගහනයක් එක් වන බව ආචාර්ය Phillip Lowe වැඩි දුරටත් සදහන් කරයි. දරු උපත් නිසා ජනගහනයට සිදුවන වර්ධනය සියයට 0.7ක් බව සදහන්.

ශ්‍රම බලකායේ අවශ්‍යතාවයන් සපුරන්නට සංක්‍රමණිකයින් ලබාදෙන්නේ සුවිශේෂී දායකත්වයක්


Australia's population boom
Australia's populaiton hits 25 million on 7th Aug Source: AAP

තවද වසරෙන් වසර ශ්‍රම බලකාය තුල ඇතිවන අවශ්‍යතාවය අනුව, විදේශීය සංක්‍රමණිකයින් මෙරටට ගෙන්වා ගෙන  එම අවශ්‍යතාවය සපුරා ලන්නට හැකි වී ඇති බවත් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ආචාර්ය Phillip Lowe පවසයි. මේ නිසා කැනීම් කර්මාන්තය වර්ධනය වූ වකවානුව තුල අවශ්‍ය වූ ශ්‍රමිකයින්ගේ අඩුව පුරවා ලීමට හැකි වූ බව ඔහු ඔහු මෙහිදී සදහන් කළේය.

වයස්ගත ජනගහණය අඩු මට්ටමක පවත්වාගෙන යාමට සංක්‍රමණිකයින්ගෙන් ලැබෙන දායකත්වය


තවද ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සදහා පැමිණෙන අයගෙන් හයෙන් එකක්, මෙරට නතර වීමට තීරණය කරන බවත්, එය මෙරට සමස්ත ජනගහනයේ වයස අඩු මට්ටමක පවත්වාගෙන යාමට උපකාරී වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු ජනගහනයේ සාමාන්‍ය වයස අවුරුදු 37ක් වන බවත් එය ඉතා දියුණු ආර්ථික ඇති ලොව අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩු අගයක් බවත්  ආචාර්ය Phillip Lowe පවසයි.


ජනගහනය සම්බන්දයෙන් පවතින විවාදය ඉතා සංකීර්ණ එකක් බවත්, ජනගහන වර්ධනය හේතුවෙන් නිවාස සහ පසුතල පහසුකම් වර්ධනය සදහා පීඩනයක් එල්ල වන බවද ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.


Share
Published 9 August 2018 4:57pm
By Sanjaya Dissanayake
Source: SBS News


Share this with family and friends