ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය, සංක්රමණිකයින්ගේ අයිතියක් නොව වරප්‍රසාදය බව ඔස්ට්‍රේලියාවේ නවතම සෙනට් මන්ත්‍රීවරිය වන Lucy Gichuhi ඊයේ (21/06) තම මංගල පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කළාය.
කෙන්යාවේ උපත් ලද මැය කැන්බරා පාර්ලිමේන්තුවේ ස්වාධීන සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරන අතර අධ්‍යාපනය, වැඩිහිටියන් සහ හෘදයසාක්ෂියේ නිදහස වෙනුවෙන් සටන් කරන බවද පැවසුවාය.
ඔස්ට්‍රේලියානු විවිධත්වය ශක්තියක් බවත් එය වැළඳගත යුතු බවත් ඇය සිය මංගල කතාවේදී පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගෞරවනීය වරප්‍රසාදයක් බව සංක්‍රමණිකයින් අවබෝධකරගත යුතු බව සෙනට් සභික Lucy Gichuhi, SBS පුවත් වෙත පැවසුවාය.