අග්නි දිග ආසියා කලාපයේ IS සංවිධානයට අයත් විවධ ත්‍රස්ත සංවිධාන වලට මුල්‍ය ආධාර සැපයීම නැවත්වීම සඳහා වන මෙහෙයුමකට වසර තුනක් පුරාවට ඩොලර් මිලියන 4.6 ක් වැය කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදනම් වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව හරහා IS සංවිධානයට අයත් විවධ ත්‍රස්ත සංවිධාන වලට මුල්‍ය ආධාර සැපයීමේ මාර්ග අවහිර කිරීමට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ නියෝජිත ආයතනය වන AUSTRAC ජාත්‍යන්තර සහයකයින් සමග කටයුතු කරනු ඇත.
IS සංවිධානයට සැපයෙන මුල්‍ය සේවාවන් අවහිර කිරීම එම සංවිධානයේ ශක්තිය සහ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට ඇති සුදුසුම ක්‍රමය බව ඔස්ට්‍රේලියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan පවසයි.