ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ටෙස්ට් තරගාවලිය යටතේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පස්වන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 123 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් විය.
එංගලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 346 ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව සිය පළමු කඩුලු 7 කට ලකුණු 649 ක් ලබා සිටියදී අත්හිටුවා එංගලන්තයට දෙවැනි වරට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ජෙෆ්රි මාෂ් ගේ පුතුන් දෙදෙනා වන මිචෙල් මාෂ් සහ ෂෝන් මාෂ් දෙදෙනාම ශතක ලබා ගැනීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
කෙසේවෙතත් සිය දෙවැනි ඉනිම සඳහා එංගලන්තයට ලබා ගැනීමට හැකි වුයේ සියල්ලන්ම දැවී ලකුණු 180 ක් පමණි.
මේ අනුව 2017-18 අළු බඳුන තරගාවලිය ඔස්ට්‍රේලියාව 4-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.
අවසන් තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් හට හිමි විය.