ඕස්ට්‍රේලියාවේ ජුනි 1 දා සිට ක්‍රියාත්මක නවතම Covid 19 සීමා ලිහිල් කිරීම් අනුව ඔබ සිටින ප්‍රාන්තය තුල ඔබට කල හැකි දෑ මෙන්න (SBS සිංහල / වාර්තා)

The hospitality industry is one sector to benefit from the easing restrictions.

The hospitality industry is one sector to benefit from the easing restrictions. Source: AAP

ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත යතා තත්වයට පත් කිරීමේ අරමුණින් ජුනි 01වනදා සිට නව සීමා ලිහිල් කිරීමට ප්‍රාන්ත රජයන් පියවර ගෙන තිබේ.මෙය ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සිදුකරනු ලබන අදියර තුනකින් යුත්  සීමා ලිහිල් කිරීමේ වැඩපිළිවෙලෙහි දෙවන අදියර ලෙස සැලකේ.මෙම නව සීමා ලිහිල් කිරීමට අනුව ඔස්ට්‍රේලියාව තුන්වන අදියරට එළඹීමට පෙර ඇතිවිය හැකි  අවධානම වලක්වාගැනීමට රජයට හැකි වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව වෛරස මැඩපැවැත්වීමේ කාර්යය සාර්ථකව සිදුකරමින් සිටින අතර එළඹෙන ජුලි මාසය වනවිට සීමා ලිහිල් කිරීමේ තුන්වන අදියරට යාමේ හැකියාව පවතින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  Scott Morrison පවසයි.

ජුනි 01 වැනිදා සිට සිදුවන වෙනස්කම්

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 

ප්‍රාන්ත අභ්‍යන්තර ගමන් සඳහා වන සීමා ඉවත්කිරීම මගින් ප්‍රාන්තය තුල ගමනාගමනය සඳුදා සිට ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Pubs සහ ආපනශාලා පුද්ගලයින් 50 දෙනෙකු සඳහා වන සීමාවට යටත්ව විවුර්ත කෙරේ.

මංගල උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහබාගී වීමේ හැකියාව පවතී.

කෞතුකාගාර / පුස්තකාල / ප්‍රදර්ශන ශාලා සහ රූපලාවණ්‍යාගාර නැවත විවුර්ත කෙරේ.

කෙසේ වුවද, ඉදිරියේදී තුන්වන අදියරේ සීමා ලිහිල් කිරීමක් සඳහා රට සුදානම් වන හෙයින්  සෑම විටම සෞක්‍යරක්ෂිත ආචාරධර්ම අනුගමනය කරන ලෙසට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අවමංගල්‍ය උත්සව සඳහා සහ වන්දනාමාන සිදුකරන ස්ථාන සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගී වීමේ හැකියාව පවතී.

වන්දනාමන සිදුකරන පුද්ගලයින් අදාල සෞක්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වන අතර වයස අවුරුදු 50 සහ 70 ඉක්මවූ පුද්ගලයින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළයුතු බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට තිබේ.

*****************************************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න..

******************************************************************************************************

විදේශයන්හි පල්ලි සහ වන්දනාමාන සිදුකරන ස්ථානයන්හි වෛරසය  ව්‍යාප්තවීම පිළිබඳව සලකාබැලීම මගින් ප්‍රාන්තය තුල පූජනීය ස්ථාන සඳහා සීමාවන් සකස්කිරීමට ප්‍රාන්ත රජය සැලකිලිමත් වී ඇති අතර ප්‍රාන්ත ආගමික නායකයින්ගේ ඉල්ලීම මත මෙම සීමා ලිහිල් කිරීම සිදුකොට තිබේ.
NSW Premier Gladys Berejiklian is urging the prime minister to put GST reform on the table.
NSW Premier Gladys Berejiklian Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය

Cafes / ආපනශාලා සහ පුද්ගලයින් එක්රැස්වන අනෙකුත් ස්ථාන විවුර්ත කිරීමට පියවරගෙන තිබේ, නමුත්  එකවර පුද්ගලයින් 20 දෙනෙකු සඳහා පමණක් සීමා වේ.

මීටර 1.5 පරතරය ආරක්ෂාවන පරිදි අදාල පරිශ්‍රය තුල මේස සහ පුටු තැබිය යුතු අතර වෛරසය පැතිරීම වැළක්වීමේ පියවරක් ලෙස පුද්ගලයින් දැනුවත්කිරීමට පහසුවන පරිදි සෑම ගනුදෙනුකරුවකුගෙන්ම contact details ලබා ගැනීම අදාල ස්ථානයේ බලධාරීන් සිදුකලයුතු වේ.

කෞතුකාගාර / පුස්තකාල / ප්‍රදර්ශන ශාලා /විනෝද උද්‍යාන / වන්දනාමාන සිදුකරන ස්ථාන / රූපලාවණ්‍යාගාර / සම්බාහන මද්‍යස්ථාන නැවත විවෘත කෙරේ.නමුත්  එකවර පුද්ගලයින් 20 දෙනෙකු සඳහා පමණක් සීමා වේ.

නිවාඩු නිකේතන සඳහා යාමට අවසර ලැබෙන අතර  caravan උද්‍යාන සහ කඳවුරු උද්‍යාන වෙත යාමේ හැකියාවද හිමි වේ.

 
AAP
Cafes in Melbourne are set to get busier. Source: AAP
කෙසේ වුවද නිවසේ සිට සිය රාජකාරි සිදුකරන පුද්ගලයින් ඒ ආකාරයෙන්ම වැඩකටයුතු සිදුකරන ලෙසට බලධාරීන් සඳහන් කොට තිබේ.

වික්ටෝරියානු සෞක්‍ය අමාත්‍ය Jenny Mikakos පෙන්වා දෙන්නේ මෙම වසංගතය තවමත් තුරන්ව නොමැති බව ජනතාව තෙරුම්ගතයුතු අතර වෛරසය තවමත් අප අතර පවතින බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ නීතීන් උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා වන දඩය $1,652 කි.

නීතීන් උල්ලංඝනය කරන ව්‍යාපාර  සඳහා වන දඩය $9,913 කි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ජුලි මාසය දක්වා සිය දේශසීමා විවුර්ත නොකෙරේ.

ප්‍රාන්තය තුල සංචාරක තහනමක් ප්‍රාන්ත වැසියන්ට නොපවතින අතර ජුනි 01 වැනිදා දහවල් 12.00 සිට Pubs  / සමාජ ශාලා සහ ආපනශාලා විවුර්ත කෙරේ.නමුත්  එකවර පුද්ගලයින් 20 දෙනෙකු සඳහා පමණක් සීමා වේ.

නිවාස තුල පුද්ගලයින් 20 දක්වා වූ කණ්ඩායමක් දක්වා සිටීමේ හැකියාව ලැබේ.

කායවර්ධන මධ්‍යස්ථාන තුලට එක්රැස්වීම පුද්ගලයින් 20 දෙනෙකුට සීමා කෙරේ.

ප්‍රජා ක්‍රීඩා උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහභාගී වීමේ හැකියාව පවතී.

ප්‍රාන්තය තුල hospitality industry හි ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සදහා වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්චා සිදුකෙරෙන අතර ඒ අනුව එළබෙන ජුනි 5 වැනි සිකුරාදා සිට එකවර පුද්ගලයින් 20 සඳහා වන සීමාවට යටත්ව සහ සමාජ දුරස්ථ සීමාවන්ට යටත්ව ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදී අදාල පරිශ්‍රය තුල සිටින ගනුදෙනුකරුවන් සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන්ගතයුතු  අතර table service ක්‍රමය පමණක් භාවිත කෙරේ.


SBS සිංහල ගුවන් විදුලියේ Facebook පිටුවට පිවිසෙන්න www.facebook.com/sbssinhalese


ව්‍යාපාරිකයන් සතුව COVID-19  ආරක්‍ෂිත සැලැස්මක් සහ අමතර ඉඩකඩක් පවතී නම් එක පුද්ගලයකුට වර්ග මීටර 4 නීතියට යටත්ව  එම අතිරේක අංශයට පුද්ගලයින් යෙදවීමේ හැකියාව ලැබේ.

දේශසීමා විවුර්ත කිරීම පිළිබඳව ජුනි මස අවසානයේදී  සමාලෝචනය කිරීමට නියමිත බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසයි.

 

බටහිර ඔස්ට්‍රේලියාව

අදියර 4කින් සමන්විත සීමා ලිහිල්  කිරීමේ වැඩපිළිවෙලෙහි තුන්වන අදියර ජුනි මස 6 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.

එක් පුද්ගලයකුට වර්ග මීටර 4ක්  වන නීතිය එක් පුද්ගලයකුට වර්ග මීටර 2ක් ලෙස සංශෝධනය කෙරේ.

මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකුට සීමා වූ ගෘහස්ත සහ එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් 100 දෙනෙකුට සහබාගි වීමේ හැකියාව ලැබේ. නමුත් ඇතැම් උත්සව සඳහා පුද්ගලයින් 300 ක් දක්වා අවසර ලැබේ.මෙය 100-300 පුද්ගල නීතිය ලෙස හැදින්වේ.

 
Western Australia Premier Mark McGowan
Western Australia Premier Mark McGowan speaks to the media during a press conference in Perth. Source: AAP
සීමා ලිහිල් කිරීමේ තුන්වන අදියර මගින් ප්‍රාන්ත වැසියන්ට සමාජ සහ විනෝදාත්මක කටයුතුවල නියැලීමටත් සාමාන්‍ය ජීවන රටාවකට හැඩගැස්වීමටත් හැකියාව හිමිවන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.

රූපලාවණ්‍යාගාර / සම්බාහන මද්‍යස්ථාන / saunas සහ සුවතා මද්‍යස්ථාන නැවත විවුර්ත කෙරේ.

පොදුරජ්‍යමන්ඩලීය ජෛව ආරක්ෂණ කලාපයක් ලෙස පවතින නීති ලිහිල් කිරීමෙන් අනතුරුව Kimberley ප්‍රාන්තය වෙත සංචාරය කිරීමේ හැකියාව හිමිවේ.

ප්‍රාන්තය තුල සිටින ආදිවාසි ප්‍රජා කොට්ටාශ 274 සඳහා වන ප්‍රවේශ තහනම් කොට තිබේ.

දකුණු ඔස්ට්‍රේලියාව

එක් පුද්ගලයකුට වර්ග මීටර 4ක්  වන නීතියට අනුව පුද්ගලයින් 80 දෙනෙකු දක්වා සීමාවට යටත්ව ආයතන නැවත විවුර්ත කොට තිබේ. මේ සඳහා අවන්හල් /  Cafe /  වයින් කර්මාන්තශාලා /  මත්පැන් හල්  /  සිනමාහල් /  කෞතුකාගාර ඇතුළත් වේ.

රූපලාවණ්‍යාගාර / tattoo සේවා මද්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන නැවත විවුර්ත කෙරේ.

ශරීර සුවතා මද්‍යස්ථාන විවුර්ත වන අතර පුද්ගලයින් 20 දෙනෙකුට පමණක් සීමා වේ.

අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහබාගි වීමේ හැකියාව හිමිවේ.

 
South Australian Premier Steven Marshall speaks to the media during a door stop at Coopers Alehouse in Adelaide, Wednesday, May 27, 2020. South Australia will ease more coronavirus restrictions from June 1. (AAP Image/David Mariuz) NO ARCHIVING
South Australia’s Premier Steve Marshall announced his state was making good progress in the fight against the virus. Source: AAP

ටස්මෙනියාව

ටස්මෙනියාවේ සීමා ලිහිල් කිරීමේ දෙවන අදියර ජුනි මස 15 වැනිදා සිට ආරම්භ කෙරේ.

ගෘහස්ථ හා එළිමහනේ රැස්වීම සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහබාගී වීමේ හැකියාව ලැබේ.

අවන්හල් සහ Cafe / සිනමා ශාලා / කෞතුකාගාර සහ රංගන ස්ථාන / ආගමික රැස්වීම් සහ මංගල උත්සව / ශරීර සුවතා මද්‍යස්ථාන / රූපලාවණ්‍යාගාර සහ විවෘත නිවාස ,වෙන්දේසි විවුර්ත කෙරේ.

අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහබාගි වීමේ හැකියාව හිමිවේ.

දැනට ක්‍රියාත්මක වන දේශසීමා නීති ඒ අයුරින්ම ක්‍රියාත්මක වන අතර රාත්‍රී කඳවුරු සඳහා සහ රාත්‍රී බෝට්ටු සංචාර සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට  පමණක් සහබාගි වෙමේ හැකියාව පවතී.

***********************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

*******************************************************************************

නොදර්න් ටෙරිටරිය

ජුනි 5 වනදා දහවල් සිට සීමා ලිහිල් කිරෙමේ තුන්වන අදියර ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් සීමා පනවා තිබු ව්‍යාපාර සහ සේවාවන් අදාල මුලධර්මයන්ට යටත්ව නැවත ආරම්භ කෙරේ.

සමාජ ශාලා / සිනමා ශාලා ජනතාවට විවුර්ත වන අතර ප්‍රසංග හෝ සංගීත ශාලා වෙත යාමේ හැකියාවද ජනතාවට ලැබේ.

විනෝද මධ්‍යස්ථාන /  ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා මධ්‍යස්ථාන නැවත විවුර්ත කෙරේ.

රූපලාවණ්‍යාගාර / tattoo සේවා මද්‍යස්ථාන නැවත විවුර්ත කෙරේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය

පසුගිය සෙනසුරාදා දින සීමා ලිහිල් කිරීමේ 2.1 පියවරට අනුව සීමාවන් කිහිපයක් ලිහිල් විය.

අවන්හල් / Cafe  සහ බලපත්‍රලත් ස්ථාන / රූපලාවණ්‍යාගාර / සම්බාහන මද්‍යස්ථාන / tattoo සේවා මද්‍යස්ථාන සහ body-modification සේවා මද්‍යස්ථාන විවුර්ත කෙරේ.

කෞතුකාගාර / ජාතික ආයතන සහ එළිමහන් ආකර්ශනීය ස්ථාන විවුර්ත කෙරේ.

මංගල උත්සව සහ ආගමික උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහබාගි වෙමේ හැකියාව පවතී.

නැවත විවුර්ත වන සෑම ව්‍යාපාරික ස්ථානයක්ම එක් පුද්ගලයකුට වර්ග මීටර 4ක්  වන නීතියට යටත්ව සහ COVID අරක්ෂක සැලැස්මට අනුව විවුර්ත වේ.

කායවර්ධන මධ්‍යස්ථාන සහ සෞක්‍ය මධ්‍යස්ථාන පුද්ගලයින් 20 දෙනෙකුගේ සීමාවට යටත්ව විවුර්ත කෙරේ.

අදීක්ෂණයෙන් තොර නිදහස් බර පුහුණු කටයුතු සඳහා සීමාවන් අදාල වේ.
.
Source: SBS Sinhala radio
 

 

 


Share
Published 1 June 2020 7:36pm
Updated 12 August 2022 3:21pm
By Peter Theodosiou, Nipuna Dodangoda
Source: SBS News


Share this with family and friends