අධ්‍යාපනයෙන් සහ බාහිර ක්‍රියාකාරම් ඔස්සේ දකුණු ඕස්ට්‍රේලියාවේ හිනිපෙත්තට ගිය ශ්‍රී ලාංකික දියණිය (SBS සිංහල/ වාර්තා)

Samoda Silva

Samoda Silva Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියාව තුල විවිධ ආකාරයේ දක්ෂතාවන් දැක්වීම නොරහසක්.

එවන් වූ තවත් සුවිශේෂී දක්ෂතාවයන් රැසක් සහිත ශ්‍රී ලංකික දියණියක් පිළිබඳව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඇය ලබාගත් ජයග්‍රහණ පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමේදී,

  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පැවති විශ්ව විද්‍යාල ප්‍රවේශ (SACE) විභාගයෙන් ලකුණු (ATAR) 99.75 වැනි ඉහල මට්ටමක් ලබා තිබේ.
  • Order of Australia Association හි දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාවෙන් ලබාදෙන Student Citizenship සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
  • Australia Day Council මගින් ලබාදෙන Leadership in Languages and Cultures කාණ්ඩය යටතේ සම්මාන හිමිකොටගෙන තිබේ. 
  • මෑතකදී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Hieu Van Le අතින් Governer's Civics සම්මානයද ලබාගෙන තිබේ.
  • South Australian Multicultural Languages Committee හි ශිෂ්‍ය නියෝජිතවරියක වශයෙන් මේ වනවිට කටයුතුකරමින් සිටින අතර එවැනි නියෝජනයක් ලබන ලාබාලතමයා වේ.
මේ සියලු දේට අමතරව ක්‍රීඩාවන් සඳහාද ඇය ඉහල දක්ෂතාවයක් දක්වයි.

නමින් සමෝධා ලක්දිනී සිල්වා දියණිය සමග ඇයගේ දක්ෂතා පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස්වෙයි.


Highlights

  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත විශ්ව විද්‍යාල ප්‍රවේශයේ ඉහල ලකුණු ලබාගත් සමෝධාගේ ගමන
  • සමෝධා ලබාගත් සෙසු සම්මාන සහ ජයග්‍රහණ
  • ජයග්‍රහණ සහ සාර්ථක ප්‍රතිපල ලැබීමට සමෝධා සිදු කල දේ

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත විශ්ව විද්‍යාල ප්‍රවේශයේ ඉහල ලකුණු ලබාගත් සමෝධාගේ ගමන

දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි වෙසෙන සමෝධා ඕස්ට්‍රේලියාවේ උපත ලබා ඇති අතර ඇය මේ වනවිට සිය දෙමාපියන් සහ සොහොයුරිය සමග ජීවත් වේ.

ඇය පසුගිය වසරේ ඇඩිලේඩ් උසස් පාසලේ සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට මෙම වසරේදී ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සිය අධ්‍යාපනය හදාරමින් සිටී.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත විශ්ව විද්‍යාල ප්‍රවේශ (SACE) විභාගයෙන් ලකුණු (ATAR) 99.75 වැනි ඉහල මට්ටමක් ලබා ගැනීම පිළිබඳව සමෝධා SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කලේ, ඇය සෑම විටම සෑම කටයුත්තක් සඳහාම මහන්සියෙන් සහ කැපවීමෙන් කටයුතු කල බවයි.
Samoda Silva
Source: SBS Sinhala
එමෙන්ම මෙම විභාගය සඳහා සිය ඉගෙනීම් කටයුතු සිදු කලද, සිය ක්‍රීඩා කටයුතු අතහැර නොදැමූ බවද සමෝධා අපත් සමග ප්‍රකාශ කළාය.

මෙම විභාගය සඳහා සිය පාඩම් කටයුතු සිදු කිරීමේදී තමන් පාසලේ මාධ්‍ය ඒකකය තුලද කටයුතු කල අතර එවැනි බාහිර කටයුතු වලින් ඈත්වීමකින් තොරව ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳව ඉතාමත් ආඩම්බර වන බවද ඇය සඳහන් කොට සිටියාය.

ඔස්ට්‍රේලියාව තුල උපත ලැබුවද චතුර ලෙස සිංහල භාෂාව කතා කිරීමට පවතින හැකියාව සම්බන්ධයෙන් සමෝධා අපත් සමග සඳහන් කොට සිටියේ

තමන් කුඩා කල සිටම ඇඩිලේඩ් හි සිංහල භාෂා පාසැල වෙත ගිය අතර මේ වනවිට දහම් පාසලේ සහකාර ගුරුවරියක වශයෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම සිය අතිරේක ක්‍රියාකාරකම් පිළිබඳව අපත් සමග සමෝධා සඳහන් කලේ

තමන් මේ වනවිට වසර දෙකක පමණ කාලයක් Alidade University Club එක සඳහා ක්‍රිකට් ක්‍රීඩිකාවක වශයෙන් කටයුතු කොට ඇති බවයි.
Samoda Silva
Source: SBS Sinhala
එමෙන්ම ඇය පසුගිය වසරේ මුතුහර ළමා සමාජ සභාපතිවරිය වශයෙන්ද කටයුතු කොට තිබේ.

සමෝධා ලබාගත් සෙසු සම්මාන සහ ජයග්‍රහණ

සමෝධා හට Australia Day Council මගින් ලබාදෙන Leadership in Languages and Cultures කාණ්ඩය යටතේ සම්මානය හිමි කරගැනීම සඳහා, තමන් පාසල තුල සිදු කල භාෂා ඉගෙනීම සහ මුතුහර ළමා සමාජයේ සභාපතිත්වය හේතු වී තිබේ.

ඇය මේ සම්මානය සඳහා නම් කිරීමේදී පාසල තුල ඉතාලි භාෂාව සහ ජපන් භාෂාව ඉගෙනගනිමින් සිට ඇති අතර මුතුහර ළමා සමාජයේ සභාපතිත්වයද දරමින් සිට තිබේ.
Samoda Silva
Samoda Silva Source: SBS Sinhala
Order of Australia Association හි දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාවෙන් ලබාදෙන Student Citizenship සම්මානය සඳහා ඇයව ඇඩිලේඩ් උසස් පාසලෙන් නම් කොට තිබූ අතර එම සම්මානය ලැබීම සඳහා පාසලේ මාධ්‍ය ඒකක සභාපතීත්වය දැරීම සහ ඇයගේ ක්‍රියාකාරී සාමාජිකත්වය බලපා තිබේ.

Governer's Civics සම්මානය සඳහා වූ ලේඛන තමන් ඉදිරිපත් කල අතර ඒ ඔස්සේ තමන්ට එම සම්මානය හිමි වූ බව ඇය පවසයි. එහිදී තමන්ට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සමග සාකච්චා කිරීමට අවස්ථාවද උදාවූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි සතුටක් පවතින බවද ඇය අපත් සමග සඳහන් කොට සිටියාය.
South Australian governor Hieu Van Le and Samoda Silva
South Australian governor Hieu Van Le and Samoda Silva Source: SBS Sinhala
එමෙන්ම තමන් 12 වැනි වසරේදී Society and Culture විෂයක් වශයෙන් ඉගෙනුම ලැබූ අතර ඒ සඳහාද කුසලතා සම්මානයක් හිමි කරගත් බව ඇය පවසයි.

South Australian Multicultural Educational Languages Committee හි ලාබාලතම නියෝජිතවරිය

South Australian Multicultural Educational Languages Committee හි ශිෂ්‍ය නියෝජිතවරියක වශයෙන් කටයුතු කිරීම පිලිබඳව සඳහන් කොට සිටියේ මෙම කමිටුව මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සෘජුව කටයුතු කරන බවයි.

මෙහිදී තමන්, පාසල් මට්ටමින් මෙම කමිටුව සමග සම්බන්ධ වී සිටින අතර මේය කිසිසේත්ම තමන් නොසිතූ අවස්ථාවක් බව සමෝධා පවසයි.

එමෙන්ම මෙම කමිටුව, විවධ භාෂා පිළිබඳව සහ සංස්කෘතීන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතර ඒ ඔස්සේ තමන්ට දැඩි සහායක් ඔවුනට ලබාදිය හැකි බවද ඇය අපත් සමග සඳහන් කොට සිටියාය.

ජයග්‍රහණ සහ සාර්ථක ප්‍රතිපල ලැබීමට සමෝධා සිදු කල දේ

සමෝධා සඳහන් කලේ ඉගෙනීම් හෝ බාහිර ක්‍රියාකාරකම් වැනි සෑම දෙයක් සඳහාම මහන්සියෙන් සහ කැපවීමෙන් කටයුතු කලයුතු බවයි.
Samoda Silva
Source: SBS Sinhala
එමෙන්ම තමන්ගේ පෞද්ගලික අත්දැකීමට අනූව, සෑම දිනයක්ම යහපත් දිනයක් ලෙස සිතීම තමන් අඛණ්ඩව සිදු කල අතර එමගින්ද සාර්ථක ප්‍රතිපල ලැබුණු බව ඇය පවසයි.

සමෝධා අවසන් වශයෙන් සෙසු තරුණ පිරිස් වෙත සඳහන් කොට සිටියේ, අධ්‍යාපන කටයුතු වලට අමතරව තම යහලුවන් සමග කටයුතු කිරීමත් ක්‍රීඩා වැනි සෙසු කටයුතු වල යෙදීමත් මගින් සමබරව තම ජීවිතය සකස් කරගතයුතු බවයි.


Share
Published 31 March 2021 6:46pm
Updated 12 August 2022 3:12pm
By Dinesha Dilrukshi Wijesuriya, Nipuna Dodangoda

Share this with family and friends