ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ පරීක්ෂණය තවත් දැඩි කිරීමට සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියි.
සංක්‍රමණිකයින් මුවාවෙන් ත්රස්තවාදීන් ඔස්ට්‍රේලියාව තුළට පැමිණීම වළක්වාලීමට මෙම පියවර අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.
මෙහිදී ඔස්ට්‍රේලියානු වටිනාකම්, ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව, ස්වාධීන පුද්ගලයන්ගේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කැමැත්ත, ළමුන්ගේ අධ්‍යාපනය, රැකියා අපේක්ෂාවන් සහ සුබ සාධන යැපීම් පිළිබඳ අවධානය යොමු කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.
මේ වන විට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාදීමේ ආකාරයට සමාන මොඩලයක් කෙරෙහි අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පවසා තිබේ.
** මේ පිළිබඳ වැඩි විස්තර, තොරතුරු ලද විගස SBS සිංහල අඩවියෙන්. www.sbs.com.au/sinhalese