නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පිටත් කර හැරේ.

Sri Lankan asylum seekers

Source: Supplied

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් නීති විරෝධී යාත්‍රාව ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබියදී අතර මගදී එය හසුකරගෙන ගැනීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශ සමත්වී තිබේ.

එම යාත්‍රාවේ සිටි පිරිස අතරේ කුඩා බිළිඳෙකු ද සිටි බව The Australian පුවත්පත වාර්තා කරයි.

සරණාගත රැකවරණය පතා පැමිණි බව පැවසෙන මෙම පිරිස දින කිහිපයක් Christmas දූපතේ රඳවා තබා අනතුරුව ඊයේ (29/05) දිනයේදී විශේෂ ගුවන් යානයකින් ඔවුන් කොළඹ වෙත පිටත් කළ බව වාර්තා වේ.


Share
Published 30 May 2019 11:30am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends