උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල අත්හදා බැලීම නැවත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවත් සම්බාධක කිහිපයක් පනවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම ක්‍රියාවට සහය දක්වමින් ඔස්ට්‍රේලියානු රජයද උතුරු කොරියාවට එරෙහිව හැකි විගස නව සම්බාධක පැනවීමට තීරණය කර ඇත.
ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක ඇතුළු අමතර සම්බාධක පැනවීමට අපේක්ෂා කරන අතර උතුරු කොරියාවට සංචාරය කිරීම සඳහා තහනමක් පැනවීමටද ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop පවසයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවද ඇය පැහැදිලි කළාය.