2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් බන්දේසියේ තබා තරගයේ ජය ඔස්ට්‍රේලියාවට ලබාදෙයි.

ICC Cricket World Cup 2019

Source: Getty Images

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (15/06) පැවති තරගයෙන් ලකුණු 87 ක ජයක් අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 334 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය.

එහිදී ඔස්ට්‍රේලියානු නායක Aaron Finch විශිෂ්ඨ ලෙස ලකුණු 153 ක් ලබාගත් අතර Steven Smith ලකුණු 73 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 335 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු වාර 45 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 247 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න අගනා ලකුණු 97 ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 52ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගත් නමුත් ඔස්ට්‍රේලියාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කිරීම බොහෝ දෙනෙකු පුදුම කරවූ සිදුවීමක් විය.

ඒ පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත පැවසුවේ මෙවැනි අදහසකි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතා

ශ්‍රී ලංකා පිළේ ලසිත් මාලිංග, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන හැරුණු කොට අනෙක් පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ පීඩනයක් ඔස්ට්‍රේලියාවට එල්ල නොවූ බව මනාව පෙනී ගිය කරුණකි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාව ඉතා පහසුවෙන් ලකුණු ලබාගත් ආකාරයක් පෙනී ගියේය.

නමුත් අවසාන පන්දුවාර කිහිපය තුළ ඉතා දැඩි පීඩනයක් එල්ල කිරීමට ලසිත් මාලිංග සහ ඉසුරු උදාන සමත් විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ගේ කාර්යය භාරය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Source: AFP

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් තවමත් නිසි රිද්මයට පැමිණ නැහැ

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාවට ඉතා වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන්නෝය.

ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 115 ක අගනා සම්බන්ධයක් පවතවගෙන ගිය නමුත් කුසල් ජනිත් ලකුණු 52 කට දැවී යාමත් සමග එය අවසන් විය.

අනතුරුව නායක කරුණාරත්න ද ලකුණු 97 කට දැවී ගියේ ඔහුගේ මංගල එක් දින ශතකයට ලකුණු 3 ක් පිටුපස සිටිමිනි.

ශ්‍රී ලංකාවට මෙම තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්තාව ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ගේ දුර්වල පිතිකරණය නිසා අහිමි වී ගිය බව ඉතා පැහැදිලිය.

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ගේ දුර්වල පිතිකරණය මෙම තරගයට බලපෑ අයුරු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Source: Getty Images

ප්‍රසාද ලකුණු සටහන

අද (16/06) වන විට ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Google

ශ්‍රී ලංකාවේ ඊළඟ තරග

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය එංගලන්තය සමග එළඹෙන ජුනි 21 වන දින පැවැත්වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස හැඳින්වෙන එංගලන්තයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ලෝක කුසලාන තරග ගමන් මග කෙසේ විය යුතුද යන්න පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැහැදිලි කළේ මේ අයුරිනි.
ශ්‍රී ලංකාව මීළඟට තරඟ වදින්නේ එංගලන්තය සමඟය. එය මෙම ජුනි 21 වන දා ඕස්ට්‍රේලියානු (නැගෙනහිර සම්මත - AEST) වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. එම තරඟය අවසන්වූ සැනින් තරඟය පිලිබඳ සමස්ත සමාලෝචනයක් අපගේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සුදානම්.

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට 

නැතිනම් අපගේ Facebook පිටුවට 

ICC Cricket World Cup
Source: SBS Sinhala



Share
Published 16 June 2019 4:25am
By Madhura Seneviratne

Share this with family and friends