ඔස්ට්‍රේලියාවේ කුලී නිවෙසක බදු ගිවිසුමක් නිවැරදිව ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේ කෙසේද? (SBS සිංහල/වාර්තා)

Mkataba waku kodi nyumba

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගැනීමේදී බදු ගිවිසුමකට අත්සන් තැබීම හා එකඟ වීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන කාර්යයකි.

නමුත් බදු ගිවිසුමක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකළ යුතු නියම අයුරු පිළිබඳ බොහෝ දෙනා හට නිසි අවබෝධයක් නොමැත.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

නියමාකාරයෙන් කුලී නිවෙසක බදු ගිවිසුමක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම පිළිබඳ වැදගත් කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Rental lease agreement
Source: Flickr

කුලී නිවෙසක බදු ගිවිසුමක් ආරම්භ කිරීම

ඔස්ට්‍රේලියාවේ කුලී නිවෙසක බදු ගිවිසුමකට අත්සන් කිරීමෙන්, එය ආරම්භ වන දිනයේ සිට අවසන් වන දිනය දක්වා කුලිය ගෙවීමට ඔබ එකඟ වෙයි.

එමෙන්ම එම ගිවිසුමෙහි ඇතුළත් සියලු කොන්දේසි අනුගමනය කිරීමට ද ඔබ එකඟ වෙයි.
බදු ගිවිසුමකට අත්සන් කළ යුත්තේ ඔබ එය මනාව අවබෝධ කරගැනීමෙන් පසුව පමණි.

ඔබට එය නොතේරේ නම් හෝ යම් තැනක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් අදාළ නිවාස හා දේපළ ඒජන්තවරයා ලවා හෝ  නැතිනම් විශ්වාසවන්ත අයෙකු ලවා එය අවබෝධ කරගන්න.
Rental lease agreement
Source: Flickr

ඇප මුදල හෙවත් BOND එක

සාමාන්‍යයෙන් ඔබේ නිවෙස් හිමියා කුලී නිවාසය සඳහා ඇප මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින අතර ඇතැම් පුද්ගලික නිවාස හිමියන් අන්‍යෝන්‍ය අවබෝධය මත එම ඇප මුදල් නොඉල්ලන අවස්ථාද ඇත.

එම ඇප මුදල නිවාස කුලියට අමතරව ගෙවිය යුතු වන අතර වත්මන් ව්‍යවහාරයේ එය BOND එක ලෙස හැඳින්වේ.

ඔබේ බදු ගිවිසුම අවසන් වන තුරු Residential Tenancies Bond Authority සන්තකයේ මෙම ඇප මුදල් තබා ගනියි.

ඔබේ නිවාස කුලිය සතියකට $350කට වඩා අඩු නම්, ඔබේ ඇප මුදල මසක නිවාස කුලියට වඩා වැඩි නොවිය යුතුය.
ඔබේ නිවාස හිමියා හෝ දේපළ ඒජන්තවරයා ඇප මුදල් භාර දීමේ ආකෘති පතකට අත්සන් කළයුතු බව ඔබට දැන්විය යුතුය.

ඔබ එය අත්සන් කළ යුත්තේ නිවැරදි නම් පමණි.

හිස් ආකෘති පතකට කිසිදු ලෙසකින් හෝ අත්සන් නොතැබීමට වගබලාගන්න.

ඔබේ බදු ගිවිසුම අවසානයේ දී බදු ගිවිසුමේ ඇතුළත් සියලු කරුණු නිසි පරිදි ඉටු කර ඇතිනම්, ඔබට ඔබේ ඇප මුදල ආපසු ලබා ගත හැකිය.
Rental lease agreement
Source: Getty Images

නඩත්තු කටයුතු සහ හානි කිරීම්

ඔබේ වරදකින් හෝ නිවෙසට පැමිණි ඔබගේ ආරාධිතයෙකු විසින් හෝ නිවෙසට යම් හානියක් සිදු වුවහොත් ඒ සඳහා ඔබ විසින් ගෙවිය යුතුවේ.

එසේ නොමැතිනම් එය ඔබේ වියදමින් නැවත පිරියම් කළ යුතුය.

නිවසේ අලුත්වැඩියා කටයුතු ඇත්නම් එම කටයුතු බදු ගිවිසුමේ ඇති ආකාරයට කුලී නිවෙස් හිමියා හෝ ඔබ විසින් සිදුකළ යුතුය.

අදාළ නඩත්තු කටයුතු කුලී නිවෙස් හිමියා විසින් සිදුකරන විටෙක එය දින 14 ක් ඇතුළත සිදු කිරීමට පියවර ගත යුතුය.

ගෑස් කාන්දුවක් හෝ වහළයේ කාන්දුවක් වැනි හදිසි නඩත්තු කටයුතු සඳහා කුලී නිවෙස් හිමියාට හෝ නිවාස ඒජන්තවරයාට දැනුම් දුන් පසුව ඔවුන් එය වහාම පිළිසකර කළ යුතුය.

ඔවුන් එම නඩත්තු කිරීම් සඳහා වහා ප්‍රතිචාර නොදැක්වුවහොත් එය ඔබ විසින් සිදු කළ හැකි වන අතර $1800ක් දක්වා සිදුවන වියදම්  සඳහා එහි බිල්පත් කුලී නිවෙස් හිමියාට හෝ ඒජන්තවරයාට හෝ යැවිය හැකිය.

ඔවුන්ට දින 14ක් ඇතුළත ඔබේ මුදල් ගෙවීමට සිදු වේ.
Rental lease agreement
Source: Getty Images

බදු ගිවිසුම අවසන් කිරීම

බදු ගිවිසුම අවසන් වීමට පෙර ඔබට නිවෙසින් ඉවත්ව යාමට අවශ්‍ය නම් ඒ බව ඔබේ නිවාස හිමියාට හෝ නිවාස ඒජන්ත්වරයාට දැන්විය යුතුය.

නියමිත දිනට පෙර බදු ගිවිසුම අවලංගු කිරීමට ඔවුන් එකඟ නොවුණහොත් ඔබට බදු ගිවිසුම අවසන් වනතුරු ඇති කාලය සඳහා නිවාස කුලිය ගෙවීමට සිදු වේ.

බදු ගිවිසුම් කාල සීමාව අවසානයේදී ඔබ ඉවත්ව යන්නේ නම්, බදු කාලසීමාව අවසන් වීමට මසකට පෙර ඔබ ඉවත්ව යන බව නිවාස හිමියාට හෝ නිවාස ඒජන්ත්වරයාට දැන්විය යුතුය.

ඔබ ඔබේ සියලුම බිල්පත් මෙන්ම අවසන් කුලියද ගෙවිය යුතු අතර, නිවසද ඔබ ලබා ගත් විට තිබු පරිදිම පිරිසිදු කළ යුතුය.

එසේම ඔබට අයත් සියලුම දෑ රැගෙන යා යුතුය.

ඔබේ බදු ගිවිසුමෙහි ඇතුළත් වන්නේ නම් පමණක් නිවසේ කාර්පට් steam clean කළ යුතුය.

කුලී නිවෙස් හිමියා හෝ ඒජන්තවරයා හෝ සමග කුලී නිවෙස හෝ බදු ගිවිසුම සම්බන්ධ යම් අර්බුදයක් පැන නැගුනහොත් එම අර්බුදය විසඳීමට ඔබට වැනි ආයතනවල සහය පැතිය හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 April 2019 1:39pm
Updated 12 April 2019 1:50pm
By Madhura Seneviratne

Share this with family and friends