Update : මෙල්බර්න් නගරයේ ඇතිවූ හදිසි සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් - වික්ටෝරියානු පොලීසිය.

Bourke Street terrorist attack

Source: SBS

මෙල්බර්න් නගර මධ්‍යයේ අද (09/11) පස්වරුවේ සිදුවූ හදිසි සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් බවට වික්ටෝරියානු පොලීසිය පවසයි.

මෙල්බර්න් නගරයේ Bourke සහ Swonston වීදි අන්තර් මංසන්ධියේ හදිසියේ මෝටර් රථයක් ගිනි ගැනුණු අතර ඒ පිළිබඳව ක්‍රියා කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කිරීමට යාමේදී හදිසියේ එම ස්ථානයට කඩාවැදුණු පුද්ගලයෙකු පිහියක් වැනි තියුණු අයුධයකින් පොලිස් නිලධාරීන් හට පහර දීමට උත්සහ දරා තිබේ.

එම අවස්ථාවේදී පොලිසිය සිදුකල වෙඩිතැබීමෙන් තුවාල ලත් එම පුද්ගලයා අසාධ්‍ය තත්වයෙන් රෝහල කරා රැගෙන ගොස් ඇතැයි සඳහන්.
පසුව අදාළ පුද්ගලයා රෝහලේදී මිය ගොස් ඇති බව වික්ටෝරියානු පොලිස් කොමසාරිස් Graham Ashton පැවසුවේය.

මෙම පුදගලයා තම අත රැඳී තියුණු ආයුධයෙන් සිදුකල පහර දීමෙන් එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන රෝහල් ගත කොට ඇත.

කෙසේවෙතත්, සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් කලක සිට සෙවූ අයෙකු බවද වික්ටෝරියානු පොලිස් කොමසාරිස් Graham Ashton පැවසුවේය.
මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සෝමාලියානු ජාතිකයෙකු බවත් පසුගිය වසරේ ඔහුගේ ඥාතියෙකු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධව අත්අඩංගුවට ගත් බවද SBS පුවත් අනාවරණය කරයි.


--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 9 November 2018 10:37pm
Updated 9 November 2018 10:45pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends