රෝගීන් පරීක්ෂාවට වැඩි කාලයක් වැය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය අමතර මුල්‍ය ප්‍රතිපාදන ඉල්ලයි.

Doctor and patient

Doctor and patient Source: Getty Images

රෝගීන් පරීක්ෂාව සඳහා වැඩි කාලයක් වැය කිරීමට පවුලේ වෛද්‍යවරුන් හට අවස්ථාව ලබාදීම පිණිස මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.

හෘදය පරීක්ෂාවන් සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් වෙන් කරන බවට වතමන් ලිබරල් සන්ධාන රජය සහ කම්කරු පක්ෂය පොරොන්දු වීමත් සමග ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

එළඹෙන අප්‍රේල් 01 වන දින සිට හෘදය රෝග සඳහා අවදානමක් ඇති රෝගීන්ට Medicare හරහා හෘදය පරීක්ෂාවන් සිදුකරගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දෙයි.

මේ හරහා වසරකට දස දහසක පමණ හෘදය ආබාධ වලක්වාගැනීමට හැකි බවත් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවන බවත් සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

මධ්‍යම රජයේ මෙම ක්‍රියාව අගය කරන නමුත් රෝගීන්ගේ යහපත උදෙසා ඔස්ට්‍රේලියානු වෛද්‍ය ක්ෂේත්‍රයට තව තවත් පහසුකම් අවශ්‍ය බවත්  ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Tony Bartone පැවසීය.


Share
Published 25 February 2019 11:44am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends