බදු ඉහල දැමීම හෝ සාමාජ ආරක්ෂණ දීමනා කප්පාදු නොකර රජයේ වියදම් කප්පාදු කරමින් ඔස්ට්‍රේලියාවේ අය වැය හිඟය අඩු කරගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කැමැත්තක් දක්වන බව The Australian පුවත් පත සිදු කළ නවතම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
අය වැය පරතරය අවම කරගැනීමට රජයේ වියදම් කප්පාදු කළ යුතු යැයි එම 70% ක පිරිසක් එම සමීක්ෂණයේදී ප්‍රකාශ කර ඇති අතර 20% ක් පවසා ඇත්තේ බදු ඉහළ දැමීම ඊට සුදුසු බවයි.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සුබ සාධන ප්‍රතිපාදන කප්පාදුව ට 61% ක් පිරිසක් මෙම සමීක්ෂණයේදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.