කොදෙව්වන් එක්දින ක්‍රිකට් වංශකතාවේ පළමු කඩුල්ලේ ලෝක වාර්තාව බිඳ දමයි.

West Indies breaks the ODI Opening Partnership world record.

Source: Getty Images

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාවයේ වාර්තාව බිඳ දැමීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (05/05) සමත් විය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෝන් කැම්බල් ලකණු 179 ක්ද සායි හෝප් 1ලකුණු 170 ක්ද ලබාගනිමින් මෙම වාර්තාව තැබීය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තුන් කොන් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඔවුන් දෙදෙනා එම වාර්තාව බිඳ දැමූහ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2018 වසරේ ජූලි මාසයේ පැවැති තරගයකදී පාකිස්තානයේ ඉමාම් උල් හක් සහ ෆකාර් සමාන් එක්ව ලකුණු 304 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මීට පෙර පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තාව තබා තිබුණි.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ හොඳම සම්බන්ධතාව මෙන්ම එක්දින ජාත්‍යන්තර තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ දෙවැනි හොඳම සම්බන්ධතාව ලෙසද ඊයේ පිහිටවූ කැම්බල්ගේ සහ හෝප්ගේ වාර්තාව  හැඳින්වේ.

එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් සටහන් වී ඇති හොඳම සම්බන්ධතාව ලකුණු 372 කි.

2015 වසරේ පෙබරවාරි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් එක්ව එම සම්බන්ධතාව පිහිටුවා තිබේ.


Share
Published 6 May 2019 9:43am
By Madhura Seneviratne

Share this with family and friends