දකුණු චීන මුහුදේ දී ඔස්ට්‍රේලියානු යුධ නෞකා තුනකට චීන ආරක්ෂක අංශ වලින් දැඩි අභියෝග.

South China Sea Dispute

Source: Royal Australian Navy

ගෙවී යන අප්‍රේල් මස මුල් භාගයේදී දකුණු චීන මුහුදේ වියට්නාමය දෙසට ගමන් කළ ඔස්ට්‍රේලියානු යුධ නෞකා තුනකට චීන ආරක්ෂක අංශ දැඩි අභියෝග එල්ල කර ඇති බව වාර්තා වේ.

H-M-A-S Anzac, H-M-A-S Toowoomba සහ H-M-A-S Success යන නෞකා ත්‍රිත්වයට මෙසේ අභියෝග එල්ලවී ඇතැයි සඳහන්.

වියට්නාමයේ හෝචීමින් නගරය වෙත දින තුනක සුහද චාරිකාවක් වෙත ගමන් කරමින් සිටියදී දකුණු චීන මුහුදේදී චීන ආරක්ෂක අංශ විසින් මෙම ඔස්ට්‍රේලියානු නෞකා ත්‍රිත්වයට අභියෝග එල්ල වී ඇතැයි ABC පුවත් සේවය වාර්තා කරයි.

නමුත් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එම වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ඔස්ට්‍රේලියානු නාවුක හමුදාව කලාපයේ සිදු කරගෙන යන කටයුතු නොනවත්වා සිදු කරගෙන යන බවද පැවසුවේය.


Share
Published 20 April 2018 1:11pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends