2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුද ඉහළ නංවා එංගලන්තය පැරදවූ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට.

ICC Cricket World Cup 2019

গত ছয় সেমিফাইনালে কেউই অজিদের হারাতে পারেনি Source: Getty Images

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 32 වන තරගය ලෙස ඊයේ (25/06) Lord's හිදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 64 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 285 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක Aaron Finch ලකුණු 100 ක් ලබාගත් අතර David Warner ලකුණු 53 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 286 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 4 කදී ලකුණු 221 කට සියලු දෙනාම දවාගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.

එහිදී Jason Behrendorff ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 5 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානය Aaron Finch හිමි කරගත්තේය.

මේ ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූවා සේම ඔවුන් අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබීය.

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: ICC/Facebook
මේ අතර අද දිනයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Share
Published 26 June 2019 1:09pm
Updated 26 June 2019 1:16pm
By Madhura Seneviratne

Share this with family and friends