අන්තර්ජාතික සිසුන් සහ තාවකාලික සංක්‍රමණිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැතිගේ නවතම තීන්දුව මෙන්න.

international students

Australia Awards Scholarships are long-term development awards administered by the Australian Government’s Department of Foreign Affairs and Trade. Source: AAP

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව අන්තර්ජාතික සිසුන්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව අනෙකුත් කුඩා නගර වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය  Scott Morrison ගේ අවධානය යොමුව තිබේ.

විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන අන්තර්ජාතික සිසුන්ව මෙල්බර්න් සහ සිඩිනි නගර වලින් වෙනත් නගර කරා යොමු කරවීම මෙහි මූලික අරමුණ වේ.

එහිදී ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාදේශීය කලාප වල පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ඔවුන්ව යොමු කරවීම රජයේ අදහස වී ඇත.

එමෙන්ම අන්තර්ජාතික සිසුන් ද ඇතුළුව තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව තාවකාලික සංක්‍රමණිකයින්වද මෙසේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට යොමු කරවීමට අග්‍රාමත්‍ය ස්කොට් මොරිසන් අදහස් කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.




Share
Published 20 September 2018 1:31pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends