ඕස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රය සංක්‍රමණිකයන් නොමැතිව කඩා වැටිය හැකියි ..(SBS සිංහල/ වාර්තා)

mig

Source: AAP

ඔස්ට්‍රේලියාව තුල ක්‍රමයෙන් ව්‍යාප්ත වන තාක්ෂණික ආයතන පවසන්නේ තාවකාලික නිපුනතා වීසා නිසා එම රැකියා පවත්වා ගෙන යා හැකි බවයි. StartupAUS ආයතනයේ ප්‍රධානී Alex McCauley පවසන්නේ ලෝකය පුරා සිටින නිපුනතා සහිත ශිල්පීන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම ඉතා වැදගත් බවයි.ඔහු බලාපොරොත්තු වන්නේ ගෝලීය වශයෙන් මෙම ආයතන වලට ඉදිරියට යාමට ගෝලීය නිපුනතා ද අවශ්‍ය වන බවයි.ලෝකයේ තාක්ෂණ සමාගම් ලෝකය පුරා විසිර සිටින නිපුනතා සහිත ශිල්පීන් ලබා ගැනීමට තරගයක යෙදෙනවා. පසුගියදා ඉදිරිපත් වූ නවතම සමීක්ෂණ වාර්තාවක් පවසන්නේ සන්ක්රමනික සේවකයින් ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සොරා ගැනීමක් සිදු වී නොමැති බවයි. වසර 2017-2018 දී වැඩිපුරම වීසා ලැබී ඇති රැකියා වන්නේ developer හා ICT Business Analyst වේ. එසේම මෙම රැකියා වල සිටින තාවකාලික වීසා ලාබීන් සිටින්නේ NSW හා වික්ටෝරියා ප්‍රාන්ත වලයි.

සිඩ්නි නුවර startup මෘදුකාංග ආයතනයක නිර්මාතෘ වන Ashik Ahmed පවසන්නේ ඔහුගේ මුල් සේවකයින් දෙදෙනාම විදේශයන්ගෙන් පැමිණි අය බවයි. එම ආයතනනය දැන් සේවකයින් 300 සිටින , ඉන් 200ක් ඕස්ට්‍රේලියාවේ සේවය කරන සමාගමකි
Ahmed පවසන්නේ data science වැනි විෂයන් සදහා ත් , engineering product manager හා product design වැනි රැකියා සදහාත් ඔස්ට්‍රේලියාව තුලින්ම සේවකයින් සොයා ගැනීම අපහසු බවයි. ඔහු ද සංක්‍රමණිකයන් රැකියා සොරා ගැනීම යන මතයට එරෙහි වෙනවා.

වෘත්තීය සංගම් වල විරෝධය


Australian Council of Trade Unions හෙවත් ACTU ආයතනය පවසන්නේ තාවකාලික වීසා නිපුනතා හිඟය මගහැරීමට ක්‍රියාත්මක කලද එය දීර්ඝ කාලීන පිළිතුරක් නොවන බවයි. ACTU ප්‍රධානී Liam Obrian පවසා ඇත්තේ මෙම නව වාර්තාවෙන් හෙළි කරන ගෝලීය නිපුනතා සෙවීමේ අදහස පිලි නොගන්නා බවයි. නිපුනතා සහිත සේවකයින් සෙවීමට facebook දැන්වීමක් දැමීම වෙනුවට ශ්‍රම බලකායේ සැබෑ අවශ්‍යතා අනුව සේවකයින් සෙවිය යුතු බවත් skill occupation list නම් ලැයිස්තුව යාවත්කාලීන කල යුතු බවත් ඔහු පවසනවා.



නමූත් StartupAus ආයතනය පවසන්නේ මෙම වාර්තාව පවසන ලෙස ගෝලීයව නිපුනතා සහිත සේවකයින් තෝරා ගැනීමට වීසා ක්‍රමය වඩා සරල කල යුතු බවයි.

අධ්‍යාපනය සදහා ආයෝජනය කිරීම

ඕස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රය තුල රැකියා 250000කට පමණ පුරප්පාඩු තිබෙන බවට වාර්තා වනවා. විශේෂයෙන්ම artifcial intelligence හා cybersecurity වැනි ක්ෂේස්ත්‍ර සදහා වැඩි පුරප්පාඩු  ඇති බවද වාර්තා වේ. එසේම Australian Information Industry Association හි ප්‍රධානි Ron Gauci පවසන්නේ විද්‍යා, තාක්ෂණ, ඉන්ජිනේරු හා ගණිත විෂයන්හි අධ්‍යාපනය ද කාන්තා සහභාගීත්වයද වැඩි කිරීමද කල යුතු බවයි. දැනට මෙම ක්ෂේස්ත්රයේ කාන්තා දායකත්වය 30%ක් පමණක් වේ.
d

Share
Published 15 July 2019 8:12pm
Updated 16 July 2019 9:43am
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends