ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නියමිත ආකාරයෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට දෙමාපියන්ව දිරිගැන්වීම උදෙසා ඩොලර් මිලියන 5.5 ක පිරිවැයකින් යුත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ආරම්භ කර තිබේ.
ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ සාමාජ මාධ්‍ය ජාල හරහා දෙමාපියන්ව මේ පිළිබඳව දැනුවත් කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
වයස අවුරුදු 5 ළමුන් දස දෙනෙකුගෙන් 9 දෙනෙකු හටම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දී ඇති නමුත් ප්‍රතිශක්තීකරණ අනුපාතිකය ඇතැම් ප්‍රදේශ වල පහළ මට්ටමක පවතින බව පැවසේ.
ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන සියලුම දරුවන් හට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.